fathima-hadiya-released-on-bail

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා කල්මුණේ මහාධිකරණයේදී අද ඇප මත නිදහස්ව තිබේ.



ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 4ක් රඳවාගෙන සිටි ෆාතිමා හාදියා දැඩි ඇප කොන්දේසි මත නිදහස් කිරීමට ෙ මහාධිකරණය හමුවේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී තීරණය කර ඇත.
 රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් මත නිදහස් කර ඇති අතර ඇපකරුවන්ට සහ සහරාන් හෂීම්ගේ බිරිඳට ද විදේශගතවීම තහනම් කර ඇත.
 සහරාන් හෂීම් 2019 වසරේ පාස්කු ප්‍රහාරය සැලසුම් කළ ප්‍රධාන පුද්ගලයෙකු වූ අතර ඔහු කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මියගියේය.
 බොම්බ ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු 25 වනදා සයින්ද මරුදු ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගැටුම්කාරී සිදුවීමකින් පසු ෆාතිමා හාදියා අත්අඩංගුවට පත්විය. අනතුරුව වසර 4 ක් පමණ කාලයක් සිරගතව සිටියාය.