fonseka-meeting

“නිරායුධ නිර්පාක්ෂික අරගලය - ජනතා විප්ලවයක් කරා” යන තේමාව යටතේ අද පස්වරුවේ කොළඹ දී පැවති රැස්වීමකට විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මෙන්ම සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද එක්ව කතාවක් පැවැත්වූයේය.
එහිදී සරත් ෆොන්සේකා අදහස් දැක්වීමෙන් පසුව ඊට එක්ව සිටි පිරිසක් කියා සිටියේ මෙම වැඩසටහන පක්ෂයක්නියෝජනය කරමින් කටයුකු කරන ෆොන්සේකා මහතා සම්බන්ධවීම නිසා නිර්පාක්ෂික නොවන බවයි.
ඔවුන්ගෙන් පිරිසක් ඊට විරෝධය පළ කර තිබූ අතර ඔවුන්ටද සභාව ඇමතීමට අවස්ථාවක් ලබාදීමට සංවිධායකවරු පියවර ගන්නා ලදි.
කෙසේ වෙතත් උණුසුම් තත්වය පැහැදිලි කිරීම් වලින් පසුව යටපත් විය.
පසුගිය අරගල සමයේ සරත් ෆොන්සේකා බොහෝවිට තනිව ගොස් අරගල කරුවන් සමගපෙනී සිටියා සේම අරගලය මර්දනය කරද්දී පාර්ලිමේන්තුවේ ඒ වෙනුවෙන් හඩක්ද නැගූ පුද්ගලයකුද විය.
අදාළ සිදුවීමේ වීඩියෝවක් පහතින්