fonseka-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්න හමුවේ මෙසේ පිළිතුරු සැපයීය.
රුපියල ශක්තිමත් වී සහ සංචාරකයින් රටට පැමිණෙන මොහොතකදී  වර්ජන කඩාකප්පල් ක්‍රියා නොවේද?

"කඩාකප්පල් කරන්න දෙයක් නැහැ. රට වට්ටලා විනාශ කරපු මිනිස්සුන්ට ආපහු රට හදන්න දෙන්න කියලා ඒ ගොල්ලො ආපහු ඔය වගේ බහුභූත කරනකම් බලාගෙන ඉන්න තරම් අපි මෝඩත් නෑ ජනතාව මෝඩත් නෑ. අපි තමයි විකල්පය. අපිට භාර දෙන්න ඕනේ රට ගොඬනැගීමේ කාර්‍යභාරය. ඔය මිනිස්සු හැමදාමත් ඔහොමයි. අතීතයෙත් ඔහොමයි. ඔය මිනිස්සු දූෂිතයි. අපි සම්පූර්ණ ආශිර්වාදය දෙනවා මේ වැඩවර්ජනයට.



ලෝකේ රටවල් වල ආණ්ඩු අසාර්ථක වුණාම ගෙදර යන්න ඕනේ, නැත්තම් ජනතාව ඒ ගොල්ලො ගෙදර ඇරලා තියෙනවා. ජනතාව දුක් විදින්න ලෑස්ති නැහැ."


ෆොන්සේකා  සජබෙන් ඉවත් වී අරගලකරුවන් සමඟ එකතු වන බවට රාවයක් තියනවා රඒ ඇත්තද?


"ඒක මහ බොරු කතාවක්. ඒක ඉතා මෝඩ සිතුවිල්ලක්. අරගලකරුවන් එක්ක ගිහිල්ලා  ජනාධිපති කෙනෙක් වෙනවා කියන එක යථාර්තයක් නෙවෙයි. අරගලකරුවොත් එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා. කඩාකප්පල් කරුවොත් ඉන්නවා. එක එක අයට, පක්ෂ වලට හේත්තු වෙලත් ඉන්නවා. රජයේ මැති ඇමතිවරුන්ගෙන් සල්ලි ගන්න අරගල කරුවොත් ඉන්නවා."

පක්ෂ නායකයෙකුව සිටියදී නිරපාක්ෂික දෑ සඳහා යොමු වන්නේ කෙසේද?

"කෑහපු මිනිස්සු දැනටමත් චන්ද්‍රිකා මැතිණිය එක්ක. ටිරාන් අලස් එක්ක. එහෙම ඉඳගෙන තමයි කඩාකප්පල් කරන්න ආවේ. සමහරු අරගලේ ඉඳගෙන එක එක අයට කඩේ යමින් කෑගහපු සමහර මෝඩ පුද්ගලයොන්ට මේක තේරෙන්නෙ නෑ. නිරපාක්ෂික අරගලේට ශක්තියක් දීම මම එදත් කලා ඉදිරියටත් කරනවා."