ඛණිජ තෙල් සංස්ථාවේ කටයුතු විදේශ සමාගම් වෙත පවරාදීම සම්බන්ධයෙන් සේවක පිරිසක් ඇතිකර තිබෙන අර්බුදකාරී තත්වය මඩලන්නට ක්‍රියාකරන බවත් ඉන්ධන හිඟයක්ගැන කිසිසේත් අනියත සැකයක් ඇති නොකරගන්නා ලෙසත් ජනපති කාර්යාලය හා ඛණිඩ තෙල් ඇමතිවරයා අද (28) රාත්‍රී විශේෂ නිවේදන මගින් දන්වා තිබේ.
අද දහවල් ඉන්ධන බෙදාහැරීම අණහැට ඇති නමුත් සවස ත්‍රිවිධ හමුදාව යොදවා අදාළ කාර්ය සක්‍රීය කරන්නට ඇමතිවරයා පියවර ගත්තේය.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ
ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත් බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන බවත්, පර්යන්තවල සහ බෙදා හැරීමේ ආරක්ෂාවට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවෙන් ආරක්ෂාව සැපයීමත් නිසා වෘත්තීය සමිති සේවකයින් ඇති කළ ඉන්ධන බෙදා හැරීමේ ප්‍රමාදය නැතිව ගිය බවයි.
මේ අතර ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන හිඟයක් නොමැති බවට සහතික වී ඇති බවත් ජනතාවට කලබලවී අනවශ්‍ය ලෙස තොග රැස්කිරීමට උවමනාවක් නැති බවත්ය.
අද (අඟහරුවාදා) කිව් ආර් කේතය මගින් අලුතින් ඉන්ධන ලබාගන්නට හැකියාව ඇති බොහෝ අය ප්‍රමාදයකින් තොරව එය ඉටු කරගන්නට ඉන්ධන පිරවුම්හල් වෙත රැස්ව ඇති අතර ඒ හේතුවෙන් විශාල පෝලිම් සමග තදබදයක් හටගෙන ඇත.
කෙසේ වෙතත් ජනතාවගේ අනවශ්‍ය කලබලවීම මත ඉන්ධන පිරවුම්හල්වල පිටට යන ධාරිතාව ඉක්මවා යාමෙන් හෙට වනවිට කෘත්‍රීම ඉන්ධන හිඟයක් මතුවීමේ අවදානමක්ද මතුව තිබේ.
පර්යන්තවල සහ බෙදා හැරීමේ ආරක්ෂාවට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව කටයුතු කරන අයුරු අද (28) රාත්‍රී ඡායාරූප කිහිපයක් පහතින්
0 Comments