gamini-lokuge-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වී මෙසේ අදහස් දැක්වීය.

"ඉතාම සුළු ප්‍රමාණයක් තමයි අපනයනය වෙන්නෙ. ඩොලර් එක අඩුවෙලා තියෙනවා. බ්ලැක් මාර්කට් එකත් නැති තත්වෙට පත් වෙලා තියෙනවා. අපේ රටේ ලොකුම අර්බුදය තමයි අපිට ඩොලර් නොලැබීම.

අද පෝළිමක් නැතිව මේ රටේ තෙල් තියෙනවා. රට ස්ථාවර තත්වෙකට ගෙන තියෙනවා. විපක්ෂය බලන්නෙ මේ ස්ථාවර තත්වයෙන් මේ රට අවුල් බවට පත් කරන්න. ජාත්‍යන්තරේට පෙන්නන්න අපේ රට කළබලකාරී රටක්. කළබලකාරී රටක් කියලා කියන කොට සංචාරකයෝ පැමිණීම අඩු වෙනවා.

මේ එකම පක්ෂයක්වත් මේ බදු අඩු කරලා ඒකට දෙන විසඳුම මොකක්ද කියලා කියන්නෙ නෑනේ. මාලිමාවේ වැඩ පිළිවෙල මොකක්ද කියලා කියන්නෙ නෑ. සජිත් ප්‍රේමදාසත් මේ තියෙන අර්බුදයට මුහුණ දෙන්නෙ කොහොමද කියලා කියන්නෙ නෑනේ.

සාමාන්‍ය මිනිස්සුන්ගෙන් බදු අය කරලා නෑ. සාමාන්‍ය මිනිස්සු වැඩ වර්ජනයට යනවා බද්ද බේරලා දෙන්න කියලා. ඔය 90%කටම බදු වැටෙන්නෑ. විපක්ෂය බලන්නෙ මේ ආර්ථික අර්බුදය වැඩි කරලා ඡන්දෙ ගන්න. අපි ඉල්ලන්නේ මැතිවරණය ඉක්මණින් පවත්වන්න. ගම් ඇතුළේ අපේ සාමාජිකයෝ අපිත් එක්ක ඉන්නවා.

අපි කල්පනා කලා ඒ මොහොතෙ හැටියට රනිල් වික්‍රමසිංහ පත් කළොත් අපි ඔක්කොටම එකතු වෙලා මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා ගන්න. ඒකේ ප්‍රතිඵල දවසින් දවස එනවා."