සභාවක් අමතා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.
"ජීල් එල් පීරිස් මැතිතුමන් කිව්වා දැන් අපි මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවය හදා ගත්තු නිසා මේ ගැන සලකා බලන්න විදියක් නෑලු. ඒක නම් බොරුවක්. මූල්‍ය අරමුදල කවදාවත් කියන්නෙ නෑ අහවල් අයගෙන් අහවල් බදු අය කරන්න. විකල්ප යෝජනා ඉදිරිපත් කරලා තියෙද්දිත් ආණ්ඩුව ඇහුනෑ වගේ ඉන්නවා.
මට මතක් වුණා මම පාසල් යන කාලෙ අහපු කවියක්.
'දෙවියනි අපේ පාලකයින් අන්ද වී ඇත
දුන මැන ඔවුනට නෙත්
පාලකයින් බිහිරි වී ඇත
දුන මැන ඔවුනට කන්
දෙවියනි අපේ පාලකයින් ගොළු වී ඇත
දුන මැන ඔවුනට කන්'
දෙවියෝ මෙසේ කීය.
'දරුව, ඔබේ පාලකයින්ට නැත්තේ ඇස්වත් කන්වත් හඬවත් නොව බුද්ධියයි, ඔවුන් බුද්ධිය ලැබූ සැනෙකින් එකී සියළු දේ ලබනවා ඇත'
බහුතරයක් ඉන්නෙ එහෙම අය තමයි. අණ්ඩුවට ඇහෙන්නෙ නැත්තුම් දැනෙන්නෙ නැත්තම් අපි සියලු දෙනා සාමූහිකව එකතු වෙලා බදු ගෙවන එක නතර කළොත් අන්න ආණ්ඩුවට දැනෙන්න පටන් ගන්නවා. අපි ගාව දණ ගාලා අපේ හඬට ඇහුම්කම් දෙන්න සිද්ධ වෙනවා.
ඩොලර් නැව්වල දාගෙන ගේන ජාතියක් කියලා හිතාගෙන, 'බය වෙන්නෙපා ඩොලර් නැව් තුනක් මඟ එනවා ඩොලර් ප්‍රශ්නේ ඉවර වෙනවා' කියපු ඇමතිවරුත් අපේ ඇමති මණ්ඩලවල හිටියා.
සමාගම් වලට දීලා තියෙන 30% බද්ද සාතිශය බහුතර සමාගම් ගෙවන්නෙ නැහැ. ඩීල් දානවා. බදු විරාම දෙනවා. ගොඩ ගොඩ ටික දෙනෙක් ගෙන් ගන්න පුළුවන් නම් බදු විරාමය අඩු වෙනවා. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දාලා මුදල් ඇමතිගේ ගැසට් නිවේදනයක් හරහා බදු සහනය ලබා ගන්න.
ලංකාවේ බිලියන ගනනින් ආදායමක් ලබන ආයතන බදු ගෙවන්නෙ නෑ. ඒ නිසා තමයි අපේ වෘත්තීයවේදීන් විධායකයින් මත දැවැන්ත බදු පටවන්න ආණ්ඩුව කටයුතු කරන්නේ. අරවත් ඒක ඩීල් දැම්මාම එක ඩීල් එකකින් බිලියන ගානක ඩීල් එකක් දාත හැකි. මේ දූෂණය කියන කාරණය මේ බදු ප්‍රතිපත්තිය ඇතුලේ ප්‍රදර්ශනය වෙලා තියෙනවා."
0 Comments