ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය.
"ඉන්ධන ගැටලුවක් තියෙනවා කියලා යම් යම් ස්ථානවල දැනුම් දීම් කලත් කෙටි ධාවන සඳහා ඒ ඉන්ධන ප්‍රමාණවත් වෙනවා. අපිට පුළුවන් දුර සේවා බස් රථ වලට IOC පිරවුම්හල් හරහා ඉන්ධන ලබා ගැනීමට.
මිල සංශෝධනය පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධානය යොමු කරන්න ඕන, නැත්තම් එතන ලොකු ගැටළුවක් තියෙනවා ඉන්ධන පිරවුම්හල් වලින් ඒ අය ඇණවුම් නොකරොත් යම් කිසි තද බදයක් ඇති වීමෙ ඉඩකඩයක් ඇති වෙනවා. පෞද්ගලික බස් රථ සුපුරුදු පරිදි ධාවනයේ සිද්ධ වෙනවා. කිසිදු බයක් ඇති කර ගන්නෙපා ජනතාව.
ත්‍රිවිධ හමුදාව නිසා කිසිදු තර්ජනයක් වර්ජනයක් ඇති වෙන් නෑ.
ඉතින් ඔය බොරු සද්ද දාන කට්ටියට තමන්ගේ රැකියාවත් අහිමි වෙන තත්වෙකට තමයි මූණ පාන්න සිද්ධ වෙන්නේ.
මේ ඒකාධිකාරියක් බිඳලා යම් ආකාරයක තරඟකාරීත්වයක් ඇති කිරීම තුළ තමයි මේ මිල අඩු වීමේ මිල සංශෝධනය වීමේ යම් ක්‍රමවේදයක් ඇති වෙන්නෙ. පෞද්ගලික බස් රථ සහ රාජ්‍ය බස් සේවාව ගත්තහම වැඩියෙන්ම දායකත්වය දෙන්නේ පෞද්ගලික බස් රථ. දැන් ලංගම පාඩු වෙලා තියෙනවා. මොකද මේ ස්ථාන වලට අධික ලෙස සේවකයින් පුරවලා තියෙනවා. සේවකයෝ දැන ගන්න ඕන තමන්ගේ ස්ථානය ආරක්ශා කරගන්නේ නැති වුණාම තමයි, මේක ගැටළුවක්. ඛනිජ තෙල් සංස්ථාව පාඩුවක් නොලබා හරියට කලානම් සේවකයෝ කැපවීමෙන් වැඩ කලානම් අද මේ වගේ තත්වයක් ඇති වෙන්නෑ.
යම්කිසි තැනක රටක් අකර්මණ්‍ය කරන්න කාටවත් ඉඩ දිය යුතු නැහැ. ආසාධාරණයක් වෙනුවෙන් යම් අරගල කරන්න යම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නවනම් ත්‍රිවිධ හමුදාව, පොලීසිය මැදිහත් විය යුතුයි."
ඛනිජ තෙල් සංස්ථාව ඔවුන්ට ඕනෑම දෙයක් වෙන්ස් කළ හැකි බව පවසා තිබෙන බව මාධ්‍යවේදියා සඳහන් කල පසු හෙතෙම මෙසේ පැවසීය.
"ඒ බයිලා තමයි. ඉස්සර ජනාධිපති ගොල්ලෝ එක්ක පුළුවන් වෙයි, නමුත් වර්ථමාන ජනාධිපතිතුමත් එක්ක ඒ වගේ සෙල්ලම්නම් කරන්න හම්බුවෙන්නෙ නෑ. කවුරුත් හිතාගෙන ඉන්නවනම් සෙල්ලම් කරන්න එවැනි සෙල්ලම් නම් කරන්න හම්බුන්වෙන්නෙ නෑ."
0 Comments