gmoa-strike

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ මහතා ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.

"අපි සතියක කාලයක් රජයට, බළධාරීන්ට ලබා දුන්නා, මේ අනීතික බදු ප්‍රතිපත්තියට දෙන විසඳුම මොකක්ද කියන කාරණය සම්බන්ධයෙන්. මේ රටේ ජනතාව ලෑස්ති නැහැ තවදුරටත් නිදහසට කාරණා අහගෙන ඉන්න.

අපි තීරණය කලා 9 වෙනිදා දවසේ ඉදන් ක්‍රියාත්මක වෙන වෘත්තීය සමිති අඛණ්ඩ ක්‍රියාමාර්ග ගනනාවක් ආරම්භ කරන්න. 13 වෙනිදයින් පස්සේ 15 වෙනිදා වෙනකොට මේ රටම අඩපණ කරන්න මේ රටම වැහෙන තැනට ගමන් කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල උච්චතම අවස්ථාවට ගමන් කල යුතුයි කියලා තීරණය කලා.



10 වෙනිදා සාකච්ඡාව ධානාත්මක දිශානතියකට ගෙනයාමේ සම්පූර්ණ වගකීම ඒ බළධාරීන් අත තමයි තියෙන්නේ. 10 වෙනිදා ප්‍රශ්නේ විසදුවොත් අපිට අවශ්‍ය නෑ 13 වෙනිදා වැඩ වර්ජනේකට යන්න. මේ රටේ ජනතාවගෙන් පළිගන්න අපි ලෑස්ති නැහැ.

අපි ඉතාම පැහැදිලිව කියලා තියෙනවා IMF එකේ සම්පූර්ණ ප්‍රතිපත්තිමාලවට හානියක් නොවන විදිහට රජයේ මූල්‍ය ආදායම් හානියක් නොවන විදිහට මේක කරන්නෙ කොහොමද කියලා අපි පෙන්නලා දීලා තියෙනවා. ඒ කාරණා IMF එකට පෙන්නලා දෙන එක මේ පාලකයන්ගේ වගකීම."

එලැඹෙන වැඩවර්ජනය මැඩපැවැත් වීම සම්බන්ධයෙන් කරුණු දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.

"වෘත්තිකයන් සමඟ මේ මට්ටමෙන් හැප්පෙන්න යම්කිසි පාලකයෙක් කටයුතු කලානම් ඒ පාලකයෝ හැමදාම ඉතිහාසයේ කුණු බක්කියට තමයි වැටුනේ. උද්ඝෝෂණය කියන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරපු දෙයක්."