gold-price-hike

පසුගිය සතියක කාලයක් තුළ සීඝ්‍රයෙන් පහළ ගිය රත්‍රං මිල යළි ඉහළ යන තත්ත්වයක් අද (13) පෙන්නුම් කර තිබේ. අද (13) පස්වරුව වන විට කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් 160,000ක් දක්වා ඉහළ ගොස් තිබු අතර පසුගිය බ්‍රහස්පතින්දා (09) කැරට් 22 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 134,000ක් ලෙසිනි.


එම අවස්ථාවේ රුපියල් 145,000ක් දක්වා පහළ ගොස් තිබුණු කැරට් 24 රන් පවුමක මිල අද වන විට රුපියල් 173,000ක් දක්වා වැඩි වී තිබුණි.
හෙට්ටි විදියේ රන් කරුවන් ප්‍රකාශ කළේ රන් මිල උච්චාවචනය නිසා තමන්ට පාඩු සිදුව ඇතිබවත් මිල තවත් අඩුවේ යයි සිතා ඒ වන තුරු බලා සිටින පාරිභෝගිකයින් නිසා රන් මිල අලෙවිය සිඝ්‍ර පහළ යාමකට ලක්ව ඇති බවයි.