handunnethi-speaks

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ජාතික ජන බලවේගය පැවැත්වූ රැස්වීමකට සහභාගී වී මෙසේ පැවසීය.

"භාණ්ඩාගාර ලේකම් මුදල් මණ්ඩලේ සාමාජිකයෙක්. මුදල් අමාත්‍යංශයේ ලේකම්ම භාණ්ඩාගාර ලේකම් වෙනවා. මහ බැංකුවට තියෙන බැඳියාව තමයි පාර්ලිමේන්තුවට වගවීම. එතන තමයි අයවැය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධීකරණය තියෙන්නෙ. දැන් දූෂිත නිසා ගලවනවා ඒක. කරන්න ඕන දූෂිත දේශපාලනය වෙනස් කරන්න ඕනේ.

IMF ස්ටාෆ් එකට අනුව සකස් කරපු නව මහ බැංකු පනතට පාර්ලිමෙන්තුවේ අනුමැතිය ලබා ගැනීම. අපේ දේශපාලකයින්ට වඩා IMF එක කෙලින් කියලා තියෙනවා. IMF සපත්තු හදනවා හැම රටටම ගැළපෙන්න, අපේ රටටත් දාගෙන තියෙනවා.

ඒක දාගත්තොත් විතරයි ඒ ගොල්ලො මේ ණය දෙන්නෙ. දැන් ලෙඩේ තියෙන්නෙ එක තැනක බෙහෙත හොයන්නෙ තව තැනක. වන් සයිස් ෆිට් ෆොර් ඕල්. මේ එක සයිස් එක හැමෝටම ගලප්පන්න හදනවා.

මේ යෝජනා 47 ක්‍රියාතමක කිරීමට තමයි මේ වාරික හැටියට පළවෙනි වාරිකය ඩොලර් මිලියන 333ක් හැටියට මේ ඩොලර් බිලියන 3 දෙන්නේ. මේ වාර්තාවේ කොහෙවත් නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මාධ්‍ය අංශෙන් කියපු ඩොලර් බිලියන 7ක කතාව.

මුදල් අමාත්‍යංශෙ භාණ්ඩාගාරෙන් ගලවලා ස්වාධීන කාරාට පස්සේ නැවත මේක ආපස්සට හරවන්නෙ කවුද? මේ රනිල් වික්‍රමසිංහම කිව්වා මහ බැංකු අධිපතිවරයා වංචාවට වගකිව යුත්තෙක්නම් එයා පාර්ලිමේන්තුවට ගෙනල්ලා ප්‍රශ්න කරනවා කියලා. එයා කරන්න ඕනේ මේ IMF වට්ටෝරුවට අනුව මහ බැංකුව ස්වාධීන කරන එක නෙමෙයි. මහ බැංකු වංචාවට හවුල් වෙච්ච අධිපතිවරයව ගෙනල්ල නීතිය ක්‍රියාත්මක කරන එක. ඒ නඩුව පැත්තක. මේ ඩොලර් බිලියන 3 වෙනුවෙන් මහ බැංකුව පූජා කරනවා."