harak-kata-salindu

අද (15) අලුයම මෙරටට රැගෙන ආ නමගිය පාතාල අපරාධකරුවන් දෙදෙනෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් කුඩු සලිදු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 90ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රදවාගන්නට අධිකරණ අවසරය ලබා තිබේ.



වැලිගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි නදුන් චින්තක සහ 27 හැවිරිදි සලිඳු මල්ෂිත නැමැත්තා මැඩගස්කරයේදී ආරක්ෂක අංශ විසින්  මාර්තු 1 වන දින මැඩගස්කරයේ ඉවාටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නායකත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් සෙනසුරාදා මැඩගස්කරය බලා පිටත්ව ගොස් අවශ්‍ය ලියකියිවිලි ලබාදී අද ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගන්නා ලදි.
හරක් කටා සහ කුඩු සලිදු යන අය පසුගිය කාලයේ වාර්තාවූ අපරාධ රැසකට සම්බන්ධ වන අය බවත් ඔවුන් පාතාලයට නායකත්වයට ලබාදෙමින් සිටි අය බවත් පොලිසිය පවසා තිබුණි.
 හරක් කටා පුද්ගල ඝාතන 5ක්, කොල්ලකෑම් 6ක් සහ මහ පරිමාණයෙන් මුහුදු මාර්ගය හරහා හෙරොයින් කිලෝග්‍රෑම් 670කට අධික ප්‍රමණයක් මෙරටට එවීම සම්බන්ධයෙන් චෝදනා ලත් පොලිසියට අවශ්‍යව සිටි අපරාධකරුවෙකි.


කුඩු සලිඳුට ද හෙරොයින් ක්‍රිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් මෙරටට එවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබේ.
මාස 3 ක කාලය තුළ ඔවුන්ගෙන් මේ සම්බන්ධ ප්‍රශ්න කරනු ඇත.
මීට අදාළ පොලිස් නිවේදනය මේ සමග පළවේ.