ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් පවත්වන්නට ආ පිරිසක් චෝදනා කරමින් කියා තිබුනේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරු'හරක් කටා' වෙනුවෙන් නීතිඥවරයෙකු ලෙස ඉදිරිපත්වීමට එපා යනුවෙනි.
මෙම අපරාධකරුවා තම ඥාතීන් ඝාතනය කර ඇති බවද පුවරු අතැතිව සිටි ඇතැමෙකු කියා තිබුණි.
තමන්ට පොලීසියෙන් හෝ නීති මාර්ගයෙන් මෙතෙක් කිසිදු සාධාරණයක් හිමිවී නොමැති බවද 'හරක් කටා' වෙනුවෙන් ඉදිරිපත්වීම යුක්තිසහගත නොවන බවද ඔවුන් කියා තිබුණි.
මේ අතර ඊයේ පැවති රැස්වීමකදී නීතීඥ සාලිය පීරිස් කියා තිබුනේ
'අපි ගාවට සේවා දායකයෙක් ආවොත් සීමිත හේතූන් මත මිස අපිට ඒ සේවා දායකයගේ නඩුව ප්‍රතික්ෂේප කරන්න බැහැ. ඕනම ශිෂ්ඨසම්පන්න රටක පොලිසිය විසින් මරන්න අවසරයක් නැහැ. කට්ටියම ගෙනිහිල්ල එහෙනම් ගෝල්ෆේස් එකට ගිහිල්ලා මරන්න පුළුවන්. ' ලෙසිනි.
(උපුටාගැනීම දෙරණ 24 වීඩියෝ)
0 Comments