harin-speaks

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පසුගිය සතියේ ITB බර්ලින් හි පැවති මාධ්‍ය හමුවකදී මාලදිවයින සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්බන්දයෙන් විවේචන එල්ලවූ පසු  සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.

 ITB බර්ලින් හි වෙළඳ ප්‍රදර්ශනයේදී අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ මාලදිවයිනට වඩා සංචාරකයින්ට පිරිනැමීමට ශ්‍රී ලංකාවට බොහෝ දේ ඇති බවයි. මාලදිවයින සම්බන්ධයෙන් ඔහුගේ මතය විවේචනයට ලක්ව තිබිණි.



“මාලදිවයිනේ තියෙන්නේ වෙරළයි - මම විවේචනය කරන්නේ නැහැ - නමුත් ඔබ දින පහක් එහි රැඳී සිටින්න, ඔබට එය එපා වෙනවා. ඒක තමයි. ඔබට දූපතක පමණයි ඉන්න වෙන්නේ, ඔබ එක තැනක පල්වෙමින් සිටිනු ඇත,” ඔහු පැවසීය.

හරින් ප්‍රනාන්දුගේ අදහස්වලට මාලදිවයිනේ නිලධාරීන් රැසක්ද ප්‍රතිචාර දක්වා තිබුණි.

මාලදිවයිනේ සංචාරක අමාත්‍ය අබ්දුල්ලා මවුසූම් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ 2022 ඇතුළුව පසුගිය වසර හතර තුළ මාලදිවයින ලෝකයේ ප්‍රමුඛ ගමනාන්තය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.
මාලදිවයිනේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෂිෆාවු ශ්‍රී ලංකා ඇමැතිවරයාට තම රටට පැමිණ ලෝක මට්ටමේ ආගන්තුක සත්කාරයක් අත්විඳින ලෙස ආරාධනා කළේය.



ඔහුගේ මතය දැඩි ලෙස විවේචනය වීමෙන් පසුව, හරින් ට්වීට් කළේ: “ලස්සන මාලදිවයිනේ දූපත් සම්බන්ධයෙන් බර්ලිනයේ දී මගේ ප්‍රකාශය  සමාජ මාධ්‍යවල වැරදි ලෙස අර්ථනිරූපණය කර ඇත. සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අපි අපගේ අසල්වැසියා සමඟ එක්ව කටයුතු කරන බව පැහැදිළි කිරීමට කැමැත්තෙමි, සිදු වූ යම් අපහසුතාවයක් වේනම් සමාව අයදිමි“