කිතුනු තරුණ එකමුතුවේ කැඳවුම්කරු සිවනේෂ් මහතා මාධ්‍ය හමුවකදි කිතුනුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් පිළිබඳව හෙළිදරව් කරමින් මෙසේ පැවසීය.
"උතුර නැගෙනහිර මධ්‍යම කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව නැවත ආගම් වාදයක් රට තුළ නිර්මාණය කිරීමට යම්කිසි පුද්ගලයන් ක්‍රියාත්මක වෙන බව වාර්තා වෙලා තියෙනවා. යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව ආශ්‍රිතව සංගම් සංවිධාන, ශ්රිව සේනා, රුද්‍ර සේනා මෙවැනි හින්දු ආගමික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට, මේ සංවිධාන රටේ ප්‍රශ්නයක් නිර්මාණය කිරීමට බලන්න පුළුවන්.
කිතුනුවන් විශේෂයෙන් ඔවුන්ට දෙවියන් වහන්සේ විසින් ලබාදුන් අණක් තමයි අපි ලබපු මේ ප්‍රේමය ගැලවීම අන් අයට බෙදා ගන්න. හින්දු, කුඩා පිරිසක් ඔවුන්ගේ යම් කිසි හස්තයකින් කිතුනුවන්ගෙ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් දක්නට පුළුවන්.
ඔවුන්ගෙ ප්‍රකාශ තිබෙනවා, ඔවුන්ගේ ප්‍රදේශවලට ක්‍රිස්තියානි හරි ආගමික ප්රවර්ධනයක් හරි රැගෙන අප භූමියට එන්න එපා කියලා. 14.උ. යන වගන්තියේ ශ්‍රී ලංකාව තුළ යාමේ ඊමේ නිදහස සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සෑම පුරවැසියෙකුටම දීලා තියෙනවා.
අපි දන්නවා සමහරක් විදේශ බලපෑම් තුළින් ඒ සංවිධාන කවුද මෙහෙයවන්නේ, අපි විස්තරාත්මකව ඔවුන්ගෙ විස්තර එළියට දාන්න පුළුවන්. කුඩා කණ්ඩායමක් මේ ආකාරයට ක්‍රියා කිරීම අපි තරයේ හෙලා දකිනවා.
අපේ සහෝදරවරු ගිහිල්ලා සුභ ආරංචි මෙහෙයන් කරනකොට බොහෝ ස්ථානවල විවිධ අඩත්තේට්ටම් කරමින් ඒ ක්‍රීඩාංගනය ලබා දුන්නු අයට බලපෑම් කලා, ඒ ඔර්ගනයිසින් ටීම් එකට බලපෑම් කලා. කවුරු නමුත් රට තුළ පුරවැසියෝ. අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරමින් ලංකාව තුළ නැවත ආගම්වාදයක් ගොඬනගනවනම් ඒක සුභදායී නැහැ. විශේෂයෙන් ඉන්දියාවෙන් අනුබල ලබාගෙන සමහර ආගමික නායකයින් හැටියට තමිල්නාඩුවල ඔවුන් ක්‍රියාකරපු ආකාරය දකින්න පුළුවන්. ඒ රටේ ඒ ප්‍රදේශය තුළ ඇති කරපු දේමයි මේ මහ පොළොව තුළ කරන්න සූදානම් වෙන්නේ. මේ සඳහා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි. හින්දු භක්තිකයන්ගේ නායකයන්ගේ අවධානය යොමු විය යුතුයි."
0 Comments