horana-hospital-incident

හොරණ මූලික රෝහලේ බාහිර රෝගී සායන පවත්වන අංශයේ විදුලි පංකාවක් කඩාවැටීම හේතුවෙන් හෘද රෝග සායනයට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුරින් එක් පුද්ගලයෙකුගේ කන ප්‍රදේශයට ආසන්න හිස ප්‍රදේශයට දරුණු තුවාල සිදු වී ඇති අතර, ඔහු රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය  වෙත යොමුකර තිබිණි. එලෙස තුවාල ලැබූ පුද්ගලයා තලගල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ප්‍රතිකාර ලබා පිව ගොස් ඇත.

මෙම දෙදෙනා උදෑසනම හෘද රෝග සායනයට පැමිණ ඇති අතර, ප්‍රතිකාර ලබාගැනීම සදහා තම වාරය පැමිණෙන තෙක් අසුන්ගෙන සිට තිබිණි. බොහෝ වේලාවක සිට විදුලි පංකාව ශබ්ද නගා කැරකෙමින් තිබූ බවත්, එකවරම විදුලි පංකාව එම පුද්ගලයන් දෙදෙනා මත කඩාවැටුණු බවත් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ සිටි රෝගීහු පවසති.

මංගල එදිරිසිංහ