irangani-serasinghe

දැනට 95 වන වියෙහි පසුවන ප්‍රවීණ රංගන ශිල්පිණී අයිරාංගනී සේරසිංහ කලකට පසු  ඉරිදා මීවිත පුවත්පත සමග පැවැත්වූ සාකච්ඡාවකදී මෙසේ කියා තිබේ.



“මම දැන් මාධ්‍යවලට කතා කරන්නේ නැහැ. දැන් වයසයිනේ… නිතර ම ඇඳේ වැතිරිලා තමයි ඉන්නේ.. ඒක ඇඟට පහසුයි. ලෙඩක්, දුකක්, අසනීපයක් නැහැ. මුණුබුරු මිණිබිරියන් එක්ක සතුටින්, නිදහසේ ඉන්නවා. මට සමහර දේවල් දැන් හරියට මතකත් නැහැ. වයසට ගිහිල්ලත් තවම සම්මාන ලැබෙනවා…”

“මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණේ පාසලේදී යි. මම රඟපාන්න ඉගෙන ගත්තේ ගමේ මිනිස්සු කතා කරන, සිනහාවෙන, අඬන, බනින විදිහ දැකලා යි.”
“මම විශ්වවිද්‍යාලයේදී කොමියුනිස්ට් සටන්කාමී කාන්තාවක් වුණා.”
“වින්ස්ටන් මගේ දෙවැනි සැමියා එයා සහ මගේ අතර අවුරුදු 17ක වයස් පරතරයක් තිබුණා. නමුත් එයා හරිම ආදරණීය ස්වාමි පුරුෂයෙක් වගේ ම මගේ දරුවන්ට හොඳ පියෙක් වුණා.”
“යශෝරාවය, දූ දරුවෝ, ගම්පෙරළිය ටෙලි නාට්‍ය නිසා මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. ඒ කාලේ මග තොට හමුවන පුංචි ළමයි පවා මට ආදරයෙන් මගේ ළඟට ඇවිත්, මාව අතගාලා කතා කරන්න පටන් ගත්තා.” 

සාකච්ඡා සටහන - තුෂාරී කළුබෝවිල
ඡායාරූපය-යූ.කේ. අබේරත්න