jakson-akila-sinhabahu

පසුගිය වසරේ සිදුවූ අනපේක්ෂිත අනතුරක් හේතුවෙන් ප්‍රවීණ සිනමා නළු ජැක්සන් ඇන්තනි අසාධ්‍ය වූ අතර තවමත් ඔහු ප්‍රතිකාර ලබමින් පසුවන්නේය. වෛද්‍යවරු සඳහන් කරන්නේ ඔහු පැවති තත්වයට නැවත ගෙන ඒම සිදු කරන්නට අපහසු දුෂ්කර කාර්යයක් වනු ඇති බවයි. ඒඅනුව පෙනී යන්නේ ප්‍රවීණ නළුවාගේ අගනා රංගන පරිච්ජේදයද එම අනතුර සමග අවසන් වූ බවකි.
ජැක්සන් අනතුරට ලක්වෙමින් සිටියදී රගපාමින් සිටියේ සෝමරත්න දිසානායකගේ සිංහබාහු චිත්‍රපටයේ සිංහයාගේ චරිතයයි. එහි වැඩ අඩක් නිමකර තිබීම නිසා ජැක්සන් නැතිව එම චිත්‍රපටයද ඇණහිටිණි.
කෙසේ වෙතත් ජැක්සන් නැතිව ඔහුගේ වැඩිමල් පුත් අකිල යොදවා සිංහබාහු ඉතිරි ටික කරවන්නට දැන් තීරණය වී තිබේ.


ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ උත්සවයකට සහභාගී වී මෙසේ පැවසීය.

"සිංහබාහු කතාව ඉතිහාසයක් නෙවෙයි. සිංහබාහු කතාව කාගේ ගෝ මනංකල්පිත ප්‍රබන්ධයක්. විජය රජ්ජුරුවන්ගෙන් නම් සිංහල ජාතිය පවතින්නෙ, විජය රජ්ජුරුවන්ගේ පියා තමයි සිංහබාහු. සිංහබාහුගෙ පියා සිංහයෙක්. සිංහයා කියන්නෙ තිරිසනෙක්. එතකොට සිංහල ජාතිය කියන්නේ තිරිසනකුගෙන් පවතින ජාතියක්. ඒක ඒ තරම්ම ආඩම්බර වෙන්න පුළුවන් කතන්දරයක් නෙවෙයි. අපි වැඩ කරන හැටියට එහෙම වෙන්නත් පුළුවන්. ඒක ජීව විද්‍යාත්මකව වැරදි දෙයක්.

ජැක්සන් ඇත්තනී අනතුරකට ලක් වන්නේ මගේ සිංහබාහු රූගත කිරීමේදී. ඔහු සුවවීම ප්‍රමාද නිසා ඔහුගේම දෙටුපුත් අකිල ලවා කරනවා. මගේ වේශ නිරූපණ ශිල්පියා ඉතා සාර්ථක අන්දමේ වේශ නිරූපණයක් කරලා තියෙනවා. සමහර අවස්ථා වල  හිතෙනව ජැක්සන්මයි කියලා. දෙවෙනි පුතා සජිතත් එහි රඟපානව. යශෝධා විමලධර්ම තමයි සුප්පා දේවියගෙ චරිතය කරන්නේ. සීවලීගේ චරිතය කරන්නෙ දුශේනි. දුශේනි සිනමාවට හදුන්වා දෙන්නෙ මේ චිත්‍රපටය තුළින්."