kahandagama-toilet

මාධ්‍ය ඉදිරියේ කොළඹ නගර සභාවේ පොදු ජන පෙරමුණේ සභික මහින්ද කහඳගම මහතා මෙසේ පැවසීය.

"ටොයිලට් වල දාලා ළමයි හදනවනම් ඒක අරගලයට කරන ලොකු අපහාසයක්. ආදර සම්බන්ධතා පෙම් සම්බන්ධතා ඔය කඳවුරු ඇතුළෙ වෙනවා. විනයකට වුණා නම් ඔයවගේ සිදුවීම් වෙන්න බැහැ.



අරගලයේ උගත්කම නිසානේ ඔක්කොම එළෙව්වේ. මේකේ තනිකර අසාධාරණයක් තමයි වෙලා තියෙන්නෙ ස්ත්‍රීන්ට. ඒ අම්මටයි තාත්තයි පිළිගන්න ඕනෙ ඒ දෙන්නා අරගලේදී ආදරේ කරලා ඒ දරුව බිහි වුනා කියලා. අරගලේ දරුවා.

අපිත් කෝච්චි පෙට්ටිවල වෙළදාම් කරලා තියෙනවා. අරගලේට උප්පැන්න නැතිවුණානම් මෙහෙම වෙන්නෙ නෑනේ. අරගලේ මෙගෙම පරදින්නෙ නෑනේ. අරගලේට අරමුණක් නැති වුණා. අරගලේට බලය ගන්න බැරි වුනා. ඇයි අරගලේට බලය ගන්න බැරි වුණේ, අරගෙලේට නිසි නායකත්වයක් තිබුන්නෑ.

මම ගොඩක් ඒවා දැක්කා. නිවුස් වලට කියන්න ලැජ්ජයි. අපි පිටකොටුව, හෝමගම , මහරගම වෙළඳුන්ට අයිතිවාසිකම් ලබා දුන්නා සටන් කරලා. කොරෝනා අවුරුදු දෙකක් තිස්සේ අපි ස්වයං රැකියා කරන අය, ඒ ගොල්ලෝ ජීවත් වුනේ බොහොම අමාරුවෙන්. ඒ වෙලාවේ රජයේ සේවකයෝ සම්පූර්ණ පඩිය ගත්තා. වරායේ අතිරික්තයක් ඉන්නවලු. එහෙම ඉදිද්දී අතිකාල මුදල බිලියන 15යි.



වෛද්‍යවරු කරන සමහර ඒවා සාධාරණයි. එයාලට රජයේ වාහනයක් හම්බ වෙනවා. පර්මිට් එක හම්බ වෙනවා. වෛද්‍ය සංගමයක් මීට වැඩිය හොඳට කල්පනා කරල බලන්න ඕනේ.

රනිල් මහත්තයා ගමනක් යනවා. උගත්තු ඉන්න ඕනේ කොහෙද? උගත්තු හරියට මැද හිටියනම් අපිට මේ ප්‍රශ්නේ ඒගොල්ලන්ගෙ කීම අනුව පක්ෂවලට බලපෑම් කරන්න පුළුවන්. දැන් එක්කෙනෙක් කියනවා ඩොලර් එක කඩා වැටෙයි ආයි කියලා. රුපියල වැටෙනකම්ද මේ බලා ගෙන ඉන්නෙ. ආචාර්‍යයවරු මහාචාර්‍යවරු මොනව කිව්වත් සාමාන්‍ය ජනතාව මේක දකින්නේ සුභවාදී ලෙස."