
කටුනායක ගුවන්තොටුපොළේ මගින් පැමිණීමේ පර්යන්තය අසල ගැවසෙමින් විදේශීය සංචාරකයන්ට අපහසුතාවක් හා කරදරයක් වන ආකාරයට නීති විරෝධී ලෙස ප්‍රවාහන සේවා සැපයීමේ තැරැව්කරුවන් ලෙස කටයුතු කරමින් සිටි සිව් දෙනකු පෙරේදා (27) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
නිසි බලධාරියකුගේ අවසරයක් නොගෙන මෙම සැකකරුවන් සිව්දෙනා මෙම කාර්යයේ නිරතව සිට ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් පැවැසීය. අත්අඩංගුවට ගැනුණ සැකකරුවන් සිව්දෙනා කිඹුලාපිටිය, කටුනායක සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි 53, 46, 39 සහ 35 යන වයස්වල පසුවන්නෝ වෙති. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ විශේෂ උපදෙස් මත බුද්ධි සහ විශේෂ මෙහෙයුම් භාර සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීහු වැටලීම සිදු කළහ.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval