ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිපූර් දිස්ත්‍රික්කයේ පිහිටි ඉරින්ජාඩාප්පිලි ශ්‍රී ක්‍රිෂ්ණා හින්දු දේවාලය, එහි ආගමික චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වීම සදහා යාන්ත්‍රිකව ක්‍රියාත්මක වන රොබෝ අලියෙකු හඳුන්වාදී ඇතැයි වාර්තා වෙයි. එහි පැවැත්වෙන කිසිදු ආගමික උත්සවයක් සදහා ජීවී සතුන් භාවිත කිරීම වැළැක්වීමේ අරමුණින් මෙම හඳුන්වාදීම සිදුකර තිබේ. මෙහිදී වනසතුන්ට සදාචාරාත්මකව සැලකීම පිළිබඳව ජාත්‍යන්තර සංවිධානයක් වන PETA (People for Ethical Treatment of Animals) සහ දකුණු ඉන්දියානු නිළියක වන පාර්වතී තිරුවෝතිගේ මූල්‍ය දායකත්වයෙන් මෙම අලියාගේ අනුරුව ප්රදානය කර තිබේ.
විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ කේරළයේ හින්දු ආගමික ස්ථානවල සංවිධානය කෙරෙන විවිධ ආගමික උත්සව සදහා අලි ඇතුන් විශාල වශයෙන් දායක කර ගනිති. මෙය එම ප්‍රදේශයේ සංස්කෘතික අනන්‍යතාව විදහා දක්වන අවස්ථාවක් ලෙසද සැලකෙයි. කෙසේ වෙතත්,දංවැල් යොදා, විවිධ ඇඳුම් ආයිත්තම් අන්දවා අලි ඇතුන් මෙම අවස්ථාවන් වෙත යොදා ගැනීම එම සතුන්ට සිදුකරන හිරිහැරයක් බව කාලයක් පුරා අදහස වී තිබුණි. දත්ත වාර්තාවලට අනුව 2018 සිට 2023 දක්වා කාලයේදී පමණක් කේරලේ ජීවත් වූ හීල්ය අලි ඇතුන් 138දෙනෙකු මරණයට පත්ව තිබේ. මේ නව හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති PETA සංවිධානය, විවිධ උත්සව අවස්ථා වෙත අලි ඇතුන් යොදා ගැනීම නිසා ඔවුන් ඒවායේ පවතින අධික ශබ්දයන්ට නිරාවරණය වන බවත්, එය එම සතුන්ට හිරිහැරයක් බවත් පවසා තිබේ. ඒ අනුව මෙලෙස යාන්ත්‍රිකව ක්‍රියාත්මක ජීවමාන ප්‍රමාණයේ අලියෙකු වෙත මාරුවීමට කල්පනා කළ බවත් ඔවුන් පවසයි.
මෙලෙස එම හින්දු දේවාලය වෙත පූජා කෙරුණු අලියා අඩි 11ක උසකින් යුක්ත වන අතර, කිලෝග්‍රෑම් 800ක බරකින් යුක්ත වෙයි. මෙම අලියා ලෝහ රාමුවක් යොදා ගනිමින් නිර්මාණය කර ඇත. එසේම මෙම අලියා රොබෝවක් ලෙස ක්‍රියාත්මක කළ හැකිය. මෙවැනි යාන්ත්‍රික අලියකු හිමිවීම සම්බන්ධයෙන් එම දේවාලයේ බලධාරීන් සතුටට පත්වන බවත්, එහි පූජකවරයෙකු පවසා තිබේ.
0 Comments