koggala-accident-two-death

අද (16) දහවල් 01:00 ට පමණ ගාල්ල - කොග්ගල දුම්රිය හරස් මාර්ගයේ දුම්රියේ හැපී පැන්ඩා වර්ගයේ මෝටර් රථයක් අනතුරට ලක්ව ජීවිත දෙකක් අහිමිව තිබේ.


කොග්ගල පොහොර ගබඩාව අසල  දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරීව ධාවනය කළ මෝටර් රථය නුවර සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ  අංක 8040 දුම්රියේ ගැටීමෙන් මීටර් 200 ක් පමණ ඉදිරියට ඇදීගොස් ගුවන් හමුදා කදවුර අසල දී නැවතීගොස් අනතුරට පත්ව ඇතැයි වාර්තා විය.

 රථය තුළ සිරව සිටි අය ප්‍රදේශවාසීන්  සහ ගුවන් හමුදා නිලධාරීන් එක්ව මහත් පරීශ්‍රමයකින්  පිටතට ගෙන තිබෙන අතර ඒ වන විටත් එහි සිටි කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව සිටියහ.මේ දෙදෙනා මව හා පුතා බව හඳුනාගෙන ඇත. රථයේ සිටි තවත් එක් අයෙකු තුවාල ලබා ඇති බව වාර්තා විය.
අහුංගල්ල ප්‍රදේශයේ සිට මෙම පිරිස මෝටර් රථයේ ගමන් කරමින් සිට ඇති බව වාර්තා විය.