
ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත විය. වසර 45 ක් පමණ තිස්සේ ඔහු රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කර තිබේ.
කෝපි කඩේ ටෙලිනාට්‍ය යේ ආරම්භක අවධියේ සිට සම්බන්ධවූ රංගන ශිල්පියෙකු වූ ඔහු මිරිඟුවෙන් එහා ටෙලි නාට්‍යයෙහි සිදු කළ ‘කට්ටඩි‘ චරිතය නිසා වඩාත් ප්‍රකට විය. පසුව ඔහුව බොහෝ අවස්ථාවල කට්ටඩියන් ගුරුකම් කරන්නන් කපු මහත්වරු වැනි චරිත සඳහා තෝරා ගෙන තිබුණි.
වේදිකා නාට්‍ය සහ චිත්‍රපටවලටද සම්බන්ධ විය. ලොකු දුව, සංගිලි, සුබා ඔහු රඟපෑ චිත්‍රපට අතර තිබේ.
අවසන් කටයුතු ගැන විස්තර පසුව දැනුම් දෙනු ලැබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval