lal-kantha-speaks

ජාතික ජන බලවේගයේ කේ.ඩී ලාල්කාන්ත මහතා එම පක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ දේශපාලන රැළියකට සහභාගී වී මෙසේ අදහස් දැක්වීය.



"මිනිස්සුන්ගේ චින්තනයේ එක සටන් පාඨයක් තමයි හොරු පන්නමු කියන එක. ඊලඟට ආපු ජාතික අරගලය තමයි පළාත් පාලන ඡන්දය තියෙන අරගලය. ජාතිවාදය මත බෙදිලා හිටපු අය ජාතිවාදය පැත්තකින් තියලා ආවා. මලිමාවට කතිරේ ගහලා නව නිදහස් අරගලයක් ඇති කල යුතුයි කියන තැනට ජනතාව ආවා.



හොරුන්ගේ බලය අතුගාලා දැමීමේ ආරම්භය තමයි ජනතාව මාර්තු 9 ගැනීමට නියමිතව තිබුණේ. ඒ සඳහා තමයි මාලිමාවත් එක්ක පෙළ ගැහුනේ. ඒ එකක්.
දෙක, මූ පන්නලා විතරක් හරියන්නෙ නෑ මේ රටට කරපු අපරාධය වෙනුවෙන්. රට කාපු එවුන් ගැන මේ කියන්නේ.

අද මේ රටේ පොඩි එකාට දෙමව්පියො තුළ අදහසක් නැහැ මේ රටේ ඉස්සරහට මොකක් වෙයිද කියලා. ඒක තමයි රට මනින්න තියෙන ප්‍රධානම මිම්ම. තුන් වෙනි එක තමයි හොරා කාපු මහජන ධනය නැවත රජයට පවර ගැනීම.

මඩ ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා විපක්ෂ නායකයා කියන එකා. සාමාන්‍යයෙන් ගෝලයට කියලා ගස්සපිය මොළයක් තියෙනවනම්. මූ එක්කෝ රනිල් වික්‍රමසිංහගෙන් ඉගෙන ගන්න ඕන. සජියට එකක් කියන්න ඕනෙ.. යකෝ, මඩ ගහනවනම් තොගෙ කටින් ගහන්නෙපා වෙන එවුන්ට කියලා ගස්සපිය.


අපේ අනුර සහෝදරයගෙ කටින් අද වෙනකම් කාටවත් විරුද්ධව්ව එක බොරුවක් එක මඩ වචනයක් අද වෙනකම් පළ කරලා නැ. එහෙම තමයි නායකයෝ.

සජිතයට දෙන්න ඕන දෙයක් තියෙනවා, ජනතාව කරන්න ඕන වැඩ අපි කරන් නෑ. ජනතාවගේ වැඩ ජනතාව කරන්න ඕනේ. සජිත්ගේ අම්මා බලාගන්නෙ රජය. හැබැයි සජිත්ගෙ අම්මව බලා ගන්න එකනම් මාලිමාවේ පාලනයක් යටතේ අනිවාර්‍යයෙන් පෞද්ගලීකරනය කරනවා.