lasithmalinga-speaks

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා තරඟ පාරජය පිළිබඳව කරුණු පැහැදිලි කළේය.



"ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ට මීට වඩා ගේම් එක රීඩ් කරන්න තිබුණා. තරඟයක් පාලනය කරන්නේ කොහොමද පන්දුවාර 70ක් තුළ ලකුණු 280ක් වගේ ලකු ණු සංඛ්‍යාවක් ලබා ගන්න කොට. ඒ දේට උනන්දු වුනානම් අපිට තරඟය පරාජය වෙන්නෙ නැතිව තරගය ඩ්‍රෝ කර ගන්න තිබුණා.

මං හිතනවා පුහුණු කරුවනුත් මැනෙජ්මන්ට් එක තවත් මේවගේ අවස්ථාවක් උදා වුණොත් මොන විදියටද තරඟයක් තුළ හිතන්න ඕන පන්දු යන්වන්නන් දැනුවත් කරන්න ඕනෙ කොහොමද තරඟක් පවතින කාලය තුළ.  

මෙතන වැදගත්ම කාරණාව හතරවෙනි ඉනිමේ පන්දුවාර 70ක් තුළ ලකුණු 290ක් ලබා ගැනීම. හේතුව ටෙස්ට් තරඟයකදී. මම හිතනවා මීට වඩා යෝකර්ස් වයිඩ් යෝකර්ස් භාවිතා කරානම් වටිනවා කියලා. මොකද හේතුව මේ තරඟය පැවැත්වුණේ T20 තරඟයක් වගේ. ඒ සඳහා දැනුවත් වීමක් තිබුණා නම් මම හිතනවා තරඟය ජයග්‍රහණය කර ගන්න වගේම පරාජය නොවී අපිට බේරගන්න තිබුණා කියලා.

මමත් හරි ආසාවෙන් තරඟය බලන් හිටියා. නමුත් තරඟය පරාජයට පත් වුණා. හැමෝම ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක ඉන්න. "