mahinda-deshapriya-speaks

මේ වනවිට අර්බුදයකට ලක්ව සිටින පලාත් පාලන මැතිවරණය කළමනාකරණය කිරීමේ වගකීම තමන්ට පැවරුනේ නම් සිදු කරන්නේ කුමක්ද යන්න ගැන මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන්  සිරසටීවී රූපවාහිනී සාකච්ඡාවකදී විමසන ලදුව ඔහු පිළිතුරු ලෙස මෙසේ පැවසීය.

"ඉලෙක්ෂන් කොමිෂන් එකේ ස්වාධීන භාවය ගැන කිව්වම ඒක ස්වාධීන නෑ කියලා මම කියන්නෙ නෑ.

19 යේ තිබුණා ජනාධිපතිවරයාගේ කාර්‍යය භාරයට කොමිෂන් සභාවේ ඉල්ලීම් උපදෙස් අනුව මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණයක් සකස් වීම ජනාධිපතිවරයාගේ වගකීම වන්නේය කියලා.

කොමිෂන් එක ජනාධිපතිවරයා එක්ක සාකච්ඡා කරන එක සාමාන්‍ය දෙයක්. හැබැයි කැඳවලා යම් බලපෑමක් කරයි කියන එක, ඒක එක්කෝ කොමිෂන් සභාව කියන්න ඕනෙ අපිට බලපෑමක් කලාය කියලා. අපිට සිද්ධ වෙන්නේ මේක කෙරෙන කතාවක් හැටියට කියනවා ඇරෙන්න මේ සම්බන්ධයෙන් නිශ්චිත බලපෑමක් වුණාද නැද්ද කියලා.

හැබැයි ජනාධිපතිවරයා කෙළින්ම කියනවා මේකට දෙන්න මුදල් නෑ. ඒ නිසා තියන්න බැහැ. එතකොට කොමිෂන් එක කියනව මේක තියන්න ඕනේ. මම හිටියනම් කරනදේ ගැන කියන්න සුදුසුම නෑ. මම ඉඳල ගිය කෙනා හැටියට පිට කෙනෙක් හැටියට. නමුත් මේක කළමනාකරණය කරගන්න ඕනේ. නැත්තම් මේකටත් හොරු අරන් ගිය පළාත් සභාවට වෙච්ච දේ වෙන්න ඉඩ තියෙනවා.  මගෙ නම් ප්‍රාර්ථනාව මේ කොමිෂන් සභාවම හෙට දිනය නියම කරලා ඔවුන්ම මේ ඡන්ද විමසීම පවත්වාවී කියලා."