mahinda-speaks-election

අද (27) දින නාරාහේන්පිට අභයාරාමයේ පැවති උත්සව අවස්ථාවකට එක්වූ හිටපු අගමැති මහින්ද රාජපක්ෂගෙන් මාධ්‍ය වේදීන් කළ ප්‍රශ්න කිරීමකදී ඔහු කියා සිටියේ මැතිවරණයක් දෙසැම්බරයට පෙර පැවැත්වීම සිදුවනු ඇති බවයි.
තම පක්ෂයේ බෙදීම් පැවතියක් ඒවා ඒ වෙලාවට වෙනස්විය හැකි බවත් ඒ ගැන දැන්ම ගැටලුවක් ඇති කරගත නොයුතු බවත් පෙන්වා දුන් හිටපු අගමැතිවරයා ඉදිරියට එන්නේ මහමැතිවරණයක්ද ජනපතිවරණයක්ද යන ප්‍රශ්නයට නිවැරදිව පිලිතුරු සැපයූවේ නැත.දෙසැම්බරයට පෙර මැතිවරණය එන බව කී ඔහු කෙසේ වෙතත් තම පක්ෂය ඕනෑම මැතිවරණයකට සූදානම් බවද කීය. විඩීයෝව මේ සමග පළවේ.