mahiyangama-road-blocked

ගල් සහ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්  හසලක පොලිස් වසමේ මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගය අවහිරවී ඇතැයි පොලිසිය පවසයි.


සෙනසුරාදා 04 වන රාත්‍රී කාලයේදී පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් හසලක පොලිස් වසමේ මහියංගණය මහනුවර ප්‍රධාන මාර්ගයේ 14 වංගුව අසලදී ( 18 වංගුව මාර්ගය ) ගල් සහ පස් කන්දක් මාර්ගයට කඩා වැටීම  සිදුව ඇත.

මේ හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇත. මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා ඇත.
එබැවින් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.
1)
මහනුවර සිට මහියංගණය දෙසට ධාවනය වන රථවාහන මහනුවර නගරයෙන් තැන්නේ කුඹුර ඔරලෝසු කණුව හන්දියට පැමිණ දකුණට ඇති රන්දෙනිගල බදුල්ල මාර්ගය (රජ මාවත ) ඔස්සේ පැමිණ 21 හන්දියෙන් වමට හැරී බදුල්ල මහියංගනය මාර්ගය ඔස්සේ මහියංගනය නගරයට පැමිණිය හැක.
2)
මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන රථ වාහන බදුල්ල මහියංගනය මාර්ගය ඔස්සේ පැමිණ 21 හන්දියෙන් දකුණට හැරී රන්දෙනිගල බදුල්ල මාර්ගය (රජ මාවත ) ඔස්සේ තැන්නේ කුඹුර ඔරලෝසු කණුව හන්දියෙන් වමට හැරී මහනුවර නගරයට පැමිණිය හැක.