ඉල්ලීම් පහක් මුල් කර ගනිමින් හෙට(03දා) තැපැල් කාර්යාල හා තෝරාගත් රෝහල් ඉදිරිපිට  හා රාජ්‍ය ආයතනවල ප්‍රධාන කාර්යාල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර පවත්වන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව සඳහන්  කරයි.

මෙම ක්‍රියාමාර්ගවලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් දින 07කට පසු වෘත්තීය සමිති ඒකාබද්ධ වී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකිරීමට තීරණය කර තිබෙන බවද එම එකමුතුවේ සම කැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා පැවසීය.

වෘත්තිකයන්ගෙන්   අය කරන අසාධාරණ බදු ඉවත් කරන ලෙස ඉල්ලා හා පවතින ආර්ථික අර්බුදය තුළ ගුරු - විදුහල්පතිවරුන්ට ප්‍රවාහන දීමනාවක් ලබාගැනීමට හා නියමිත උසස් වීම හා වැටුප් වර්ධක ලබාදෙන ලෙස සහ ඉහළ දැමූ බැංකු පොලී අඩු කර මර්දනය නවතා දමා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලමින් මෙම ක්‍රියාමාර්ගය සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය. දිවයිනම ආවරණය වන පරිදි අදාළ ආයතන ඉදිරිපිටදී හෙට දහවල් 12.00ත් 1.00ත් අතර කාලයේදී මෙම විරෝධතා ව්‍යාපාර පැවැත්වෙන බවද ධම්මික මුණසිංහ මහතා පැවසීය.

ඉන්දික නේවාවිතාරණ