බම්බලපිටිය මුහුදු මාවතේ ව්‍යායාම්වල නිරත වෙමින් සිටි ආයතනයක අධ්යක්ෂවරයකුගේ රුපියල් ලක්ෂ 8කට අධික වටිනා රන් මාලය කඩාගෙන පලාගොස් සිටි දෙදෙනකු ජම්පටාවීදියේ දී ඊයේ 14 වැනිදා අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. පැමිණිලිකරු ප්‍රසිද්ධ රන්බඩු හලක අධ්යක්ෂවරයකු වශයෙන් සේවය කරන බවත් වැල්ලවත්ත ප්‍රදේශයේ නවාතැන් පොළක නැවතී සිටින ඔහු ඉකුත් 12 වැනිදා පෙරවරුවේ වැල්ලවත්තේ සිට බම්බලපිටිය දෙසට ව්‍යායාම සඳහා ගොස් සිටිය දී ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති සැකකරුවන් අධ්යක්ෂවරයාගේ රන් මාලය කඩාගෙන පලාගොස් ඇති බව ද පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණ පැමිණිල්ලකට අනුව විමර්ශන කර සැකකරුවෝ දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූහ. සැකකරුවන් කොල්ලකෑ පවුම් 5කට අධික රන් මාලය ඔවුන් රුපියල් ලක්ෂ 4 1/2ක මුදලකට උකස් තබා මුදල් බෙදාගෙන ඇතැයි පොලිසිය පවසයි.
ඉන්දිකා රාමනායක
0 Comments