menikhinna-incident

මහණ කිරීමට බාර දී සිටි අවුරුදු 11ක් වයසැති ළමයෙකුට ලිංගික අතවරයක් කළේ යැයි කියන සාමණේර හිමිනමක් මහනුවර මැණික්හින්න පොලීසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගනු ලැබීය. මෙම සැකකාර හිමිනම අවුරුදු දාහතරක වයසේ පසු වේ. ලිංගික අතවරයට පත්වූ බව කියන එකොළොස් හැවිරිදි දරුවා බක්කි ඇල්ල පොලිස් වසමේ පදිංචි අයෙකි.

මහණ කිරීමට මවුපියන් විසින් මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ විහාරස්ථානයකට භාර දී තිබිය දී මහණ කිරීමට කලින් මෙම දරුවා ලිංගික අතවරයකට ලක්වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

පසු කලෙක මෙම දරුවා පැවිදි වී විහාරස්ථානයේ වැඩ වාසය කරන අතරවාරයේ එහි හිමිනමකගේ පහර දීමට ලක් වීම නිසා සිවුරු හැර නිවසට පැමිණ සිට ඇත. මෙම දරුවා නැවත මහණ කිරීමට පිල්ලු මලේ ප්‍රදේශයේ විහාරස්ථානයකට බාර දී සිටිය දී නිතර කැස්ස සෑදීම නිසා මව විසින් දරුවා මඩකලපුව මහ රෝහලේ වෛද්‍යවරයකු හමුවට රැගෙන ගොස් ඇත. වෛද්‍යවරයා දරුවගෙන් තොරතුරු විමසුමේ දී එම දරුවා වෛද්‍යවරයා සමග තමාට සිදු වූ ලිංගික අතවරය ගැන දැනුම් දී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.



මව පසුව දරුවා ද කැටිව බක්කිඇල්ල පොලිසියට ගොස් මේ ගැන පැමිණිලි කර ඇත.  බක්කි ඇල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් මැණික්හින්න පොලිසියට දැනුම් දීමෙන් පසු 14 හැවිරිදි සාමනේර හිමි නම අත්අඩංගුවට ගත් බව එම උසස් පොලිස් නිලධාරියා කීය. අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම් බක්කි ඇල්ල පොලිසියට භාර දීමට මැණික් ඉන්න පොලියි කයුතු යොදා ගෙන යයි.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය