පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පාර්ලිමේන්තුවේදී මෙසේ පැවසීය.
"පනත් ක්‍රියාත්මක කරාට ඒක මොනතරම් වේගෙන් ක්‍රියාත්මක වෙනවද කියන කාරණය සමහර වෙලාවට හොයලා බලන්නෙ නෑ. වරාය නගරය පිළිබඳ පනත සම්මත වුණේ 2021 ජූලි මාසේ. දැන් අපි මේකේ රෙගුලාසි සම්මත කරන්නේ අවුරුද්දකුත් මාස 9කට පස්සේ.
මේක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය රෙගුලාසි ජනාධිපති කාර්යයාලයේ නිලධාරියෙකුගේ මේසයක් උඩ නතර වෙලා තියෙනවා කියලා. එදා හවසම ජනාධිපතිතුමාට කතා කරලා රැස්වීමක් කැඳවලා සාකච්ඡාවක් කලා. මට මතකයි තවත් එක විහිළුවක් එළියට ආවා අක්වරල කම්පැනි 4ක් තියෙනවා කියලා කිව්වා මාස 4ක්ද 5ක්ද කොහෙද තිස්සේ එතන තියෙන ෆෝම් එක මැච් වෙන්න නෑ කියලා.
ඊයේ ජනාධිපතිතුමා ඇවිල්ලා කතාවක් කරලා කිව්වා, එකක් තමයි රුපියල ශක්තිමත් වීම ගැන. දෙවනුවට IMF ණය සහතික වීම ගැන. රුපියල ශක්තිමත් වෙනවා කියලා එකක් නැහැ. සිද්ධ වෙලා තියෙන්නෙ රුපියලට සාපේක්ෂව ඩොලර් එකේ වටිනාකම අඩුවෙන්න පටන් අරන් තියෙනවා. ඩොලර් එකට තියෙන ඉල්ලුම අඩුවෙන්න පටන් අරන්. ඒක නරක ප්‍රවෘත්තියක්.
IMF මතය මත අද බොහෝ දෙනෙක් තමන් ළඟ තියෙන ඩොලර් විකුණන්න පටන් අරන් තියෙනවා, ඩොලර් එක පල්ලෙහාට යයි කියලා. මේක තාවකාලික කාරණයක් මිස මේ රටේ ආර්ථිකයට වෙච්ච විශාල සංවර්ධනයක් නෙමෙයි."
0 Comments