namal-new-appointment

පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධීක්ෂණ කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත් කර ඇති බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පවසයි.





මෙම පත්වීම පිළිබඳව ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ අදහස් දක්වමින් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ එම තනතුරට පත්වීම පිළිබඳව තමන් ගෞරවයට පත්වන බවයි.

මේ අතර වරප්‍රසාද සහ ආචාර ධර්ම පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පත් කර ඇති අතර වරප්‍රසාද කමිටුවේ සභාපතිත්වය මීට පෙර දැරුවේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂය.