nuwaragala-dead-man

මාර්තු 3 වන දා අම්පාර මහඔය  නුවරගලතැන්න රක්ෂිතයේ චාරිකාවක් සඳහා පුද්ගලයින් 8 දෙනෙකු ගොස් තිබූ අතර ඉන් එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බවට මහඔය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන කර අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, මාර්තු 3 වන දා දහවල් කාලයේදී ඔවුන් නුවරගලතැන්න රක්ෂිතයේ සංචාරයක් සඳහා පිටව ගොස් ඇති බවයි.

චාරිකාවට එක් වූ පිරිස නුවරගල රක්ෂිතයේ රාත්‍රිය ගත කළ ස්ථානය ආසන්නයේ ඇති ගල්තලාව පහළ ප්‍රදේශයේ තිබියදී අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගෙන ඇත.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 34ක් වන උහන, කුමාරිගම ප්‍රදේශයේ පදිංචි මහඔය ජල සම්පාදන මණ්ඩලයේ කළමණාකර සහකාරවරයෙකි.
පිරිස රාත්‍රී කාලයේදී විනෝදවීමෙන් පසු රක්ෂිතය තුළ ම අලුයම් කාලයේ නින්දට ගොස් ඇති අතර රාත්‍රී ඔහුගේ අතුරුදන්වීම ගැන කල්පනාවක් තිබී නැත.
පසු දින අලුයම් කාලයේ අවදි වී සොයා බැලීමේදී මිතුරා නොසිටි නිසා 118 පණිවිඩ මධ්‍යස්ථානය දැනුවත් කර ඔහු සොයන්නට උත්සුක වී තිබේ.
මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ඇති බවත් මාර්තු 5 වන දින මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වීමට නියමිතව ඇති බවත් මහඔය පොලිසිය පවසයි.