panadura-gang-abuse

නිවසට ඇරලවීමට කියා ලොරි රථයක නංවාගෙන ගෙලට කිනිස්සක් තබා ලොරි රථයක් තුලදී සමූහ දූෂණයක් කළ බවට 18 හැවිරිදි තරුණියක කළ ප්‍රකාශයක් මත පරීක්ෂණ ආරම්භ කළ බව පානදුර උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ (09) පැවසීය.  18 හැවිරිදි තරුණියක කළුතර ශික්ෂණ රෝහල් පොලිසිය හමුවේ කළ ප්‍රකාශයක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි  පොලිසිය පවසයි. වින්දිත තරුණිය පානදුර ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය නිමවා රාත්‍රී නිවසට යමින් සිටියදී කුඩා ලොරි රථයක සිටි දෙදෙනකු බොරු හැඳුනුම්කමක් පෙන්වා නිවසට ඇරලවීම සඳහා ලොරි රථයට නංවාගෙන ඇති බව තරුණියගේ ප්‍රකාශයේ සඳහන් බව පැවසේ.



ලොරි රථය පානදුර පින්වත්ත දෙසට ගමන් කිරීමේදී තමන්ට බැසීමට අවශ්‍ය බව දැනුම් දීමෙන් පසුව වාද්දුව ප්‍රදේශයේ පාළු වත්තකට ලොරි රථය දමා ඉදිරිපස අසුනේ තබාගෙන රියැදුරු සහ අනෙක් පුද්ගලයා වරින් වර තමන් දූෂණයට ලක්කළ බවට තරුණිය ප්‍රකාශදී ඇතැයි උසස් පොලිස් නිලධාරියා පැවසීය. අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තරුණිය කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, අතවර සිදුකළ පුද්ගලයන් නැවත දුටුවහොත්  හඳුනාගත හැකි බවත් තරුණියගේ ප්‍රකාශයේ සටහන්ව ඇති බවද පැවසේ.


සුමිත් පොතුපිටිය