මේසන් වැඩ කරන මුවාවෙන් ගොස් ගෙවල් බිඳුම් 30කට ආසන්න ප්‍රමාණයක් සිදු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසයි.
සැකකරු මහනුවර, කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු බවත්, දිවයිනේ ප්‍රදේශ රැසක ගෙවල් බිඳුම් 30කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති අයෙක් බවත් පොලිසිය කීය.
පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්ට අයත් නිවසක අලුත්වැඩියා කටයුතු සිදුකරන මුවාවෙන් ගොස් පවුම් 20 ක පමණ රණ් භාණ්ඩ සොරකම් කර ඇතැයි පොලිසිය කීය.
සැකකරු දෙමහල් නිවසේ පහත මාලයේ ජනේලයක ග්‍රිල් එක ගලවා ඇතුළු වී ඉහළ මාලයේ අල්මාරියේ තිබූ රන් භාණ්ඩ සොරකම් කර ඇති බවත් සැකකරු සන්තකයේ තිබූ රන් භාණ්ඩ තොගයක් සොයාගෙන හෙරෝ යින් මත්කුඩු ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් 540ක් සමඟ අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කීය.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ මෙහෙයවී- මෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හිරන්ත තිලකරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
(සුමිත් පොතුපිටිය)
0 Comments