panadura-pinwatte-murder

ඊයේ (28) පානදුර පිංවත්තේ දී වෙඩි තබා ඝාතනය කළ කඩවත කෝටිපති ව්‍යාපාරික අනුරාධ සම්පත් කුඩාගොඩ මහතාගේ ඝාතනය කිසියම් විවාහ ආරවුලක් මත සිද්ධවූ එකක් යන්න ගැන හා ඝාතනය සිදු කර ඇත්තේ
පාතාල කුලී වෙඩික්කාරයෙකුට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් අනුව බවට මේ වනවිට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
බාර් අයිතිකාර ව්‍යාපාරිකයාට කසාද කිහිපයක් හා ඒ ඒ අය වාසය කරන නිවාස කිහිපයක් අයත්ව තිබූ බව හා එම ඇතැම් විවාහක බිරියන් සමග දේපළ සම්බන්ධ ප්‍රශ්න තිබූ බව අනාවරණය වෙමින් පවතී.
මෙම ඝාතනයට නිශ්චිත හේතුව තවම අපැහැදිලි වන අතර තවත් ආරංචියකින් පැවසෙන්නේ කප්පම් නොගෙවීම හේතුවෙන්  පළි ගැනීම සඳහා ඩුබායිහි වෙසෙන පාතාල නායකයෙකු මෙරට කුලී ඝාතකයෙකු වෙත කොන්ත්‍රාත් පදනම මත ඝාතනය සිදුකරවා ඇති බවකි.
විමර්ශන වලදී හෙළි ව තිබෙන පරිදි සිද්ධිය වූ දිනයේ උදෑසන ඔහු පිංවත්තට පැමිණ ඇත්තේ ඔහුගේ දරුවෙක් පාසලට ඇරළවාය.

සුඛොපභෝගී රථයට වෙඩි තබා ඇත්තේ රථය ධාවනය වෙමින් තිබෙද්දී බවටද සාක්ෂි ලැබී ඇති අතර වෙඩි වැදුණු පසු රථය පාලනයෙන් ගිලිහී මාර්ගයේ අනෙක් පස බැම්මක ගැටී නතරවී ඇත.
වෙඩික්කරු පැදගෙන පැමිණිබවට සැක කරන යතුරු පැදියක් වෙඩි තැබූ ස්ථානයේ සිට කිලෝමීටර තුනක පමණ දුරකින් වාද්දූව වේරගම සයප්‍රස් උද්‍යානය ආසන්නයේ දමාගොස් තිබිය දී හමුවූ බවද පොලිසිය පවසයි.

සුඛෝපභෝගී රථයේ ගමන් කළ ව්‍යාපාරිකයා රියදුරු අසුනේම මියගොස්  සිට ඇති අයුරු දැකගත හැකි විය.
සම්පත් කුඩාගොඩ නමැති 56 හැවිරිදි කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා මෙලෙස මියගියේය.
ඔහුට කඩවත ප්‍රදේශයේ රට බීම හලක් හිමව තිබී ඇති අතර කඩවත කිරිල්ලවල හා පින්වත්තේ නිවාස හිමිව තිබේ.
මියගොස් ඇති තැනැත්තාට පානදුර පිංවත්ත ටී. ඩීමන් සිල්වා මාවතේ ඉදිකරමින් පවතින ඔහුගේ අලුත්ම දෙමහල් නිවසේ සිට දරුවකු පාසලට ඇරලවා නැවත නිවස වෙත එමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. පරීක්ෂණ සිදුවේ.