pavithra-diana-hector

ශ්‍රී ලංකා යුරෝපා සංධානයේ 9 වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මණ්ඩලය පත්කිරීමේ විශේෂ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.


එහිදී ශ්‍රී ලංකා - යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ (SL EUPFA) සභාපතිනිය ලෙස අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති Denis Chaibi මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

එහි ලේකම්වරුන් ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ හෙක්ටර් අප්පුහාමි පත් කර තිබේ.
 
රැස්වීම අමතමින් කථානායකවරයා ප්‍රකාශ කළේ දරිද්‍රතාවය අවම කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ප්‍රාදේශීය සංවර්ධනය, කෘෂිකර්මය, ජලය සහ සෞඛ්‍ය ඇතුළු පුළුල් පරාසයක ප්‍රකෘතිමත් වීම සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන් සඳහා වන දේශීය ප්‍රයත්නයන්ට සහාය වීමට සහ දායක වීමට යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට 2014 සිට 2020 දක්වා කාලය තුළ ප්‍රදාන ලබා දී ඇති බවයි.