pavithra-speaks

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බන්ඩාරගම පැවති දේශපාලන රැස්වීමකදී ඇමතිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය මෙසේ තම අදහස් දැක්වූවාය.



"වසර තිහක් තිස්සෙ තිබිච්ච යුද්ධය මහින්ද මහත්තයා තීන්දු කලා එතුමාගේ නායකත්වය දීලා යුද්ධෙ ඉවර කරන්න. අහනවා අවුරුදු 74ක් මොනවද කලේ කියලා. 1940ස් ගනං වල කළුතරට විදුලිය තිබුනේ කාටද? හොයලා බලන්න. 98% කට විදුලිය දීල විදුලි බිලත් 25%කින් අඩු කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්.



අපේ ගමේ තියෙනවා දිගන පීල්ල කියලා පීල්ලක්. පීල්ලට නාන්න ගිහිල්ලා කලෙන් වතුර ගෙදට්ට ගෙනල්ල තියෙනවා. විශ්ව විද්‍යාල ලංකාවේ කීයද තිබුනේ, එකයි. අද විශ්ව විද්‍යාල ලංකාවේ කීයක් තියෙනවද, හැම පාළතටම එක ගානේ. අහලා බලන්නකෝ සීයලගෙන්. ලියන්න පුළුවන් මිනිස්සු හිටියේ නැහැ 50%ක්. කියපු සංවර්ධනය ගැන ඔබතුමන්ලට කියලා වැඩක් නැහැ.

අපිට තැනක වැරදුනා. ඒ තමයි දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා කිරීම. ඒ වැරැද්දෙන් පස්සෙ පක්ෂය ඇතුළෙ අපි ස්වයං විවේචනයකට ගිහිල්ලා දේශපාලනය නොකරපු කෙනෙක් අයේ ජනාධිපති අපේක්ෂකයා කරන්නෙ නැහැ කියන තීන්දුවට අපි ආවා.

රටේ සාහිත්‍යමය පිබිදීමක් ඇතිවෙන්න ඕන නම් ඩලස් අලහප්පෙරුමව ගේන්න ඕන.


රටේ ආර්ථික තත්වය නැවත යතා තත්වයට ගේන්න ඉදිරිපත් කරපු අපේක්ෂකයො දෙන්නාගෙන් අපිට ඡන්දෙ දෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයට. අපේ පක්ෂෙට වැරදුනේ එක පාරයි. ඊළඟ අපේ ඉලක්කය ඩොලර් එක අඩු වුණාම බඩු මිල අඩුයි. පුද්ගලයෙක් විදියට රනිල්  වික්‍රමසිංහ මහත්තයට තියෙනවා දීර්ඝකාලීන අත්දැකීම්.

ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම සුනු විසුනු වෙන තත්වෙකට රට ආවා. සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මහපාරේ ගහලා මැරුවා. රටවල් අස්ථාවර කරන ලෝක බලවේග යටින් සල්ලි දුන්නා. අන්ත ආගමික බලවේග තිබුණා. නොයෙකුත් බල වේග ඔය ගෝල්ෆේස් එකේ ඔය අරගලය කියන එකට ෆන්ඩ් කලා. නොයෙකුත් කණ්ඩායම් එකතු වෙලා පර්ලිමේන්තුවත් අල්ල ගත්තනම්, ඔබට නැඟිටින්න බෑ."