piyumi-hansamali-speaks

රංගන ශිල්පිණී පියුමි හංසමාලි පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙසේ පවසා තිබේ.

‘මමත් හරි දුප්පත් පවුලක කෙනෙක්. තාත්තා නැතිවුණාට පස්සේ අම්මා තමයි ගොඩක් දුක් මහන්සි වෙලා මාව හදාගත්තේ. ඒ නිසා
නැතිබැරිකමයි බඩගින්නයි මං හොඳට අඳුරනවා. අපට තුන්වේලක් කන්න බැරිවුණු දවස් තිබුණා.

ඒ වගේමයි ඒ දවස්වල මං
ඇන්දේ අපේ නැන්දගේ දුවගේ ඇඳුම්. හැබැයි මිනිස්සු ඔබව මනින්නේ අඳින පළඳින විදියෙන්.
ඇත්තටම එහෙම පුළුවන්ද?
ඇඳුමින් පැළඳුමින් මිනිස්සු මනින්න බෑ. ඒකට හොඳම උදාහරණය මම. පොඩි කාලේ
ඉඳන්ම මං ආසයි ලස්සනට අඳින්න. ඉතින් මම පුළුවන් හැම විදියෙන්ම ලස්සනට අඳිනවා. හැබැයි හැමදාම මිනිස්සු දැක්කේ
මං කොටට අඳින එකයි ඇඟපත පේන්න අඳින එකයි. අඳින පළඳින විදිය කියන්නේ එක ෆැෂන් එකක්. ඒකෙන් මිනිස්සු මනින්න
බෑ.
මං හරි ශක්තිමත් ගැහැනියක්. මං මේ ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳන් මට ඇඟිලි දික්වුණා. හිත රිදෙන කතා අහන්න වුණා.
හැබැයි මං ඒ හැමදේම තනියම දරාගෙන අදටත් ගහක් ගලක් වගේ ඉන්නවනේ. ඉතින් තවත් මොනවද? පියුමිගේ හිත හයියයි.
මිනිස්සුන්ට උදව් කරන එක වීඩියෝ කරලා ෆේස්බුක් දැම්මම සමහරු කියනවා ප්‍රසිද්ධිය බලාගෙනයි මේ දේවල් කරන්නේ කියලත්‘