prasanna-ranatunga-speaks

ඇමති ප්‍රසන්න රණතුංග මහතා දේශපාලන සභාවක් අමතා මෙසේ පැවසීය.

"ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා අනාගතේදී අපිට මෙහෙම ආර්ථික අර්බුදේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. අවාසනාවකට අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්ක වලට අපිට යන්න බැරි වුණා.

මට මතකයි යුක්‍රේන් රුසියා යුද්ධයත් එක්ක යුරෝපයේ ආර්ථිකේ කඩන් වැටෙනකොට බ්‍රිතාන්‍ය අගමැතිලා තුන්දෙනෙක් මාස හයක කාලයක් තුළ මාරු වුණා.

අපේ පළාත් පාලන අපේක්ෂකයෝ මේ වන විට තමන්ගේ දේශපාලනය පටන් අරන් තියෙනවා.  පරණ අපේ මිනිස්සු තාම අපිත් එක්ක ඉන්නවා.
අපි රට ගොඬ ගන්න අනුර කුමාරලට ආරාධනා කලා. අපි සජිත් ප්‍රේමදාසට ආරාධනා කරා. මේ වෙලාවේ රටයි එක කියලා අපි කිව්වා. හැබැයි කවුරුත් භාර ගන්න බය වුණා. ඒ අවස්ථාවෙදී තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආවේ.



ජනාධිපතිතුමා කිව්වා අපිට ජනප්‍රියම තීන්දු ගන්න බැරි වෙයි. හැබැයි රටේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගන්නවා කියන අභියෝගය භාරගත්තා. අපිට මේ මට්ටමෙන් තව මාස 6ක් කරගෙන ගියොත් අපිට පුළුවන් ශක්තිමත් රාජ්‍යක් තුළ මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික විසඳගෙන යන්න.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයව ජනාධිපති මන්දිරය තුළ ඝාතනය කරන්න සූදානමක් තිබුණා මේ අරගල කරුවන්ගෙ උවමනාව මත. ප්‍රසන්න රණතුංගව උඩු ගම්පොළ හංදියේ තියලා ඝාතනය කරන්න ඕනෙ කිව්වා. පූරුවේ වාසනාවට අපේ ජීවිත බේරුණා.

අද මේක කියන්න එපා කියලා මට හැමෝම කිව්වා. හැබැයි මම කියනවා. රෙජී රණතුංග මහත්තයා බෝධිසත්වයෙක්. හැබැයි ප්‍රසන්න රණතුංග බෝධි සත්වයෙක් නෙමෙයි කියන එක කියනවා.  අපේ පාක්ෂිකයින්ට හිරි හැර කරපු මිනිස්සු නීත්‍යානුකූල හෝ නිල නොවන විදියට වන්දි ගෙවන්න ඕන. ඒක ජේවීපී කාරයෝ දැන ගන්නත් ඕනේ. අපි ශක්තිමත්ව හිටියොත් ඒ අයට කරන්න ඕන දේ කරන්න බැරි වෙනවා. සාමකාමී පක්ෂයක් හැටියට අපි උන්නයි කියන එක අපේ නිවට කමක් කියන එක මතක තියා ගන්න ඕනේ."