කථානායකතුමනි පළමුවෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය පහසුකම් පිළිබඳ මාර්තු විසි වැනිදා කාර්ය මණ්ඩලය වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරනවා.
මේ විදේශ ණය පනතේ 2 වගන්තිය යටතේ මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් තුමාට විශේෂ අනුමැතිය ලබාදීලා තියෙනවා මේ පිළිබඳ සියලු බලතල ව්‍යවස්ථාව මගින් පවරා තියෙන්නෙ පාර්ලිමේන්තුවට.
පසුගිය ජූනි 9දා මං භාරගත්තේ ගිනිගත්ත රටක් අවුලෙන් අවුලට පත් වෙලා තිබුන රටක් හෙට දවසක් ගැන අබ මල් රේණුවක් වත් බලාපොරොත්තුවක් තිබුනේ නැති රටක් නිල වශයෙන්ම බංකොලොත්භාවය ප්‍රකාශ කරපු රටක් උද්ධමනය සියයට හැත්තෑ තුනක් දක්වා ඉහළ ගිය රටක් ගෑස් පෝලිම් වල මිනිස්සු දවස් ගණන් දුක් විඳින රටක්
දවසට පැය දහයක් දොළහක් විදුලිය කප්පාදු කරන රටක් ගොවීන්ට වගා කරන්න නොතිබුණ රටක් නීතිය හා සාමය නැතිව වැරදි ලෙස භාවිත කරමින් ආණ්ඩුවේ කාර්යාලය බලහත්කාරයෙන් ඒවා පිටස්තරයන් පදිංචි වෙලා හිටපු රටක්, මැර කණ්ඩායම් තැන තැන පහරදීම් කරපු රටක්
ප්‍රතිවාදීන්ගේ ගෙවල් ගිනි තියන රටක්. මහදවල් මහමග මිනිසුන් මරා දමපු රටක්. මේ අවස්ථාවෙ වගකීම බාරගන්න කිසිවෙක් කැමති වුණේ නැහැ සමහරු පස්ස ගැහුවා සමහරු කේන්දරේ බලන්න කල් ඉල්ලුවා..මාරු වෙලා ගියා.. බය උනා මගෙන් මේ ඉල්ලීම කලේ කවුරුත් වගකීම භාර ගන්න ඉදිරිපත් වුණේ නැති අවස්ථාවකයි.
කිසිම කොන්දේසියකින් තොරව අභියෝගය භාර ගත්තා මට පාර්ලිමේන්තුවේ බලය තිබුනෙ නෑ හැබැයි මේ කිසිවක් නැතත් මට තිබුනේ එකම එක දේ මම ඉපදුන මම හැදුන වැඩුන මම අධ්‍යාපනය ලැබුව මගේ ආදරණීය රට යළි ගොඩ ගන්න මට පුළුවන් කියා විශ්වාසය විතරයි
වසර 2001 වෙද්දී රටේ ආර්ථිකය - වර්ධනයකට කඩා වැටුණා නමුත් පාලනය බාර අරං වසර 2ට අඩු කාලයක් තුළ රට නංවන්ට මට පුළුවන් වුණා ඒ විතරක් නෙමෙයි ටෝකියෝ ආධාර සමුළුවේ මගින් ඇමරිකානු ඩොලර් බිලියන 4ක ආධාර
දිනාගැනීමට පුළුවන් උනා. නමුත් පස්සේ පාලනය භාරගත් අය ඒමුදල නිසි ආකාරයෙන් පාවිච්චියට ගත්තේ නෑ.
2015දී මම ආර්ථිකය භාරගන්නා විට තිබුණේ දුර්වල තත්ත්වයක් නමුත් 2018 වන විට අයවැය ප්‍රාථමික අතිරේකයක් ලබාගන්න අපට හැකිවුණා විවිධ සහන දෙන්න හැකිවුණා.
මේ බරපතළ අභියෝගය බාර ගනිද්දී මහා සතුව තිබුණේ අතීත අත්දැකීම් ඔස්සේ ඇතිකරගත් විශ්වාසය පමණයි මම අභියෝගය බාරගත්තා ගරු කතානායකතුමනි ආයෙම ප්‍රදාන ලැබීමත් සමගම තරුණ තරුණියන්ගේ අනාගතය ගොඩ නංවන්නට අපට මාවතක් විවෘත වී තියෙනවා අපේ මාතෘභූමිය යළිත් ඔසවා තබන්නට අවකාශ උදා වී තියෙනවා මේ ණය පහසුකම් යටතේ
වසර හතරක කාලයක් තුළ අපට එම ඇමරිකානු ඩොලර් බිලියන 3ක පමණ ආධාරයක් හිමිව ඇමරිකානු ඩොලර් මිලියන 330ක ප්‍රමාණයක් එහි පළමු වාරිකය වශයෙන් දැන් අපට ලැබී තියෙනවා ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබා දෙන පාර්ශ්වයන් වෙතින් ඩොලර් බිලියන 7ක පමණ කඩිනම් ණය ආධාර අප බලාපොරොත්තු වෙනවා
විස්තීර්ණ ණය පහසුකම් කියන්නේ ගිනි පොලියට ගන්නා තවත් ණයක් විතරයි කියලා අර්ථ දක්වන අය මේ ලැබෙන මුදලින් මුදලින් මුළු රටේම ණය බර ගෙවා ඉවර කරන්න බෑ කියමින් චෝදනා කරන අයත් ඉන්නවා
එවැනි ප්‍රකාශ වලින් පෙන්නුම් කරන්නේ නොදැනුවත්කම නැත්නම් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා බොරුවෙන් මේ රටේ අහිංසක ජනතාව රැවටීමට ගන්නා උත්සහයක්.
විස්තීරණ ණය කියන්නෙ වැටුණු රට යළි යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා දෙන පහසුකමක් ඒ සඳහා සකස් කර දෙන වේදිකාවක්. මේ පහසුකම ලබා දීමත් සමඟ අපට ජාත්‍යන්තරය යළිත් පිළිගැනීමක් ලැබෙනවා ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නොවන බවට සහතිකයක් ලැබෙනවා අපේ රට ලෝකය පිළිගන්නා මට්ටමට පත් වෙනවා ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපේ ණයවර ලිපි වලට ගරු කරනවා වෙනත් යන්ත්‍ර මූල්‍ය ආයතන වලින් ඉතා අඩු පොලියට ණය ආධාර ලබා ගැනීමට පසුබිමක් සැකසෙනවා.
විදේශ ආයෝජකයින් යළිත් ලංකාව ගැන විශ්වාසය තිබෙනවා
ශක්තිමත් නව ආර්ථිකයක් ගොඩනැගීම පදනම සකස් වෙනවා ඒ විතරක් නෙමෙයි
ඒ නිසා අපේ රටේ මූල්‍ය නීති ගත වෙනවා දූෂණ වංචා වැළැක්වීමේ දැඩි නීති රීති අලුතෙන් හඳුන්වා දෙනවා ශ්‍රී ලංකාවේ මෙතෙක් නොතිබුනු නව මූල්‍ය සංස්කෘතියක් හා දූෂණයෙන් තොර පරිසරයක් නිර්මාණය වෙලා
ගරු කතානායකතුමනි
අපේ රට පිළිබඳව තීන්දු ගැනීමට පෙර රට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරන්ඩ සමහරු උත්සාහ ගත්තා.
නොනවතින වර්ජන රැල්ලක් ඇති කරන්නට ආර්ථිකය කඩා බිඳ දමන්නට රට ආරාජිත කරන්න සැලසුම් කරා ඔවුන් බලාපොරොත්තු වුණේ කඩාකප්පල්කාරී ක්‍රියා මගින් අයිඑම්එෆ් ආධාර ලබාගැනීම වළක්වන්නයි
සමහර දේශපාලන කණ්ඩායම් සමහර වෘත්තිය සමිති සමහර ජනමාධ්‍ය මේ වැඩේට සෑහෙන්ඩ මහන්සි වුනා රට අස්ථාවර නිසා එම
ලැබෙන්නෙ නෑ කිව්වා පළාත් පාලන ඡන්දය පවත්වන්නේ නැති නිසා ආයෙම සහයෝගය ලැබෙන් නෑ කිව්වා
එසෙ කියමින් කරමින් රටේ ජනතාව පාරට බස්සන්න දැම්මා
නමුත් රටේ බහුතර ජනතාව මේ කඩාකප්පල්කාරී වැඩ වලට සහය දැක් වූවේ නෑ රටේ ඉදිරිගමන එක් එක් දේශපාලන බල ව්‍යාපෘති වෙනුවෙන් කඩාකප්පල් කරන්නට බහුතර ජනතාව කැමැති වුණේ නෑ.
ඔවුන් රට වෙනුවෙන් වගකීමක් ඇතිව ක්‍රියා කරන විවිධ දුෂ්කරතා මැද නොයෙකුත් පීඩනය මැද ඒ සියල්ල ඉවසමින් දුක් කරදර විඳ ගනිමින් සිටි රටේ බහුතර ජනතාවයි.
සන්සුන්ව ඉවසීමෙන් කටයුතු කර අපට අයිඑම්එෆ් ණය ලබා ගැනීමට ඔවුන්ගේ කැපවීම විශාල ශක්තියක් වුණා.
ඒ නිසා මුලින්ම මේ රටේ ජනතාවට මගේ ප්‍රණාමය පළ කරන්ට කැමතියි .
මේ සදහා ඇමතිවරුන් කැපවී කටයුතු කරා මේ සභාවේ ගරු සාමාජිකයන් බොහොමයක් ඊට සහාය දුන්නා සමහරු ප්‍රසිද්ධියේ තවත් සමහරු අප්රසිද්ධියේ සහය වුණා. ඔවුන් සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා
මෙය ලබා ගැනීමේ කාර්යයේ දී අපේ ප්‍රධාන නාහිමියන් උදව් දුන්නා විදේශීය රටවල් ජාත්‍යන්තර සංවිධාන උදව් දුන්නා විදේශීය රාජ්‍යනායකයන් විදේශ රාජතාන්ත්‍රිකයන් සහ නිලධාරීන් අපට උදව් කරා
ඒ සියලු දෙනාට ශ්‍රී ලංකාවේ ස්තුතිය පළ කරනවා.
කථානායකතුමනි අප මේ මුල පුරන්නේ අලුත් ගමනකටමේ ගමනේදී ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදුකළ යුතු වෙනවා අපේ සාර්ථකත්වයේ පදනම දැමෙන්නේ මෙහිදීයි.
මේ සමහර ප්‍රතිසංස්කරණ අප 2022 අතුරු අයවැය සහ 2023 අයවැය මගින් යෝජනා කර දැනටමත් ක්‍රියාවට නංවා තිබෙනවා තවත් ප්‍රතිසංස්කරණ ගණනාවක් අප හඳුන්වා දෙනවා ඒ අතරින් වැදගත් කරුණු කිහිපයක් මම දැන් අවධානය කරන්ට කැමතියි.
මේ වගේ ක්‍රියාත්මක කරන සහ අනාගතය ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ මම මේ ගරු සභාව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා.
ආදායම් වැඩි කර ගැනීමේ සැලසුමක් 2025 වන විට ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදන දෙකයි දශම තුනක් බවට පත්කර ගැනීම අපගේ ඉලක්කයයි. ශ්‍රී ලංකා රජයේ ආදායම් මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3 ලෝකයේ වෙනත් රටවල් හා සංසද දී අපේ රාජ්‍ය ආදායම පවතින්නෙ පහළ මට්ටමක ඒ නිසා අප සැම විට උත්සාහ කළ යුත්තේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 15 ක් දක්වා වැඩි කර ගැනීමට.
ආර්ථික බදු සහන නොමැතිව වුවත් මේ අවස්ථාවේදී බදු අනුපාතය සියයට තිහක් දක්වා දැන් වැඩි කර තියෙනවා අනුපාතය 8% සිට 15 දක්වා වැඩි කිරීමට අප පියවර ගත්තා.
වැට් බදු ආපසු ගෙවීම කඩිනම් කිරීම සහ ස්මාර්ට් ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නවා
දේපල බදු ක්‍රමයක් වෙනුවට ප්‍රධාන බද්දක් හඳුන්වාදීමටත් තෑගි හා බූදල් බද්දක් හඳුන්වාදීමටත් පියවර ගන්නවා
රාජ්‍ය වියදම් කළමනාකාර විධිමත් වියදම් කළමනාකාර ඔස්සේ රජයේ වියදම් සඳහා ලබාදෙන ප්‍රතිපාදන වැඩි කිරීමට පියවර ගන්නවා.
උද්දමනයට සරිලන පරිදි විශ්‍රාම වැටුප් ගැලපීමට අපේක්ෂා කරනවා නමුත් මේ ගැලපීම සිදු කරන්නේ ප්‍රාථමික අයවැය සීමාවන් තුළයි.
රාජ්‍ය ව්‍යවසාය හා බලශක්ති මිල ඉන්ධන මිල තීරණය කිරීමේ දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණ ඉවත් කරනවා ඉන්ධන මිල තීරණය කරන්න 2018 මිල සුත්‍රය අනුව පමණයි .
අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලට ගෙන සෑම සය මසකට වරක් එම විදුලි බිල ගැලපීමට පියවර ගන්නවා මහා පරිමාණයෙන් පාඩු ලබන මාර්ග සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා ගුවන් සේවය ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුලි බලය මණ්ඩලය ආයතනයේ ශේෂ පත්‍රය යළිත් සකස් කරනවා
මිල ස්ථායිතාවය හා මූල්‍ය ප්‍රතිපත්ති උද්ධමනය අනුපාතය සියයට 4:30 ට අයත් කථන අනුපාතයට නැවත ගෙන ඒමට කටයුතු කරනවා මේ වන විට උද්ධමනය සැලකියයුතු මට්ටමකින් අඩු කිරීමට අපට හැකි වුණා.
උද්ධමනය අනුපාතය තනි අගයක් දක්වා ගෙන ඒමට අපි උත්සහ ගන්නවා. මේ සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය තුළදී මුදල් අතගැසීමෙන් ක්‍රමානුකූලව බැහැරවෙනවා
අයවැය හිඟය පියවා ගැනීම සඳහා ණය ගැනීමෙන් තොරව ආදායම් උපදවා ගැනීමට මේ මගින් මහා භාණ්ඩාගාරයට සිදු වෙනවා දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් රජය ආයතනික රාමුව තුළ ඇති අඩුපාඩු හඳුනා ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙනවා එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට සමගාමීව දූෂණය මැඩලීමේ නීති සම්පාදනය කරනවා.
ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති පදනම් කරගනිමින් නව රාජ්‍ය මුදල් කළමනාකාර පනතක් හදුන්වා දෙනවා.
සහනදායි බදු පදනම මත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබාගත් පුද්ගලයන් ආයෝජනය මණ්ඩලය බදු සහන ලබා ගන්නා ආයතන
ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කරනවා.
එසේම විශාල ප්‍රමාණය රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු පිළිබඳ විස්තර ද ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනවා.
බහුවිධ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියේදී හඳුන්වාදීමට අප බලාපොරොත්තු වෙනවා
ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ඇතිකරගන්නා කොන්දේසි පිළිබඳව අවසන් තීරණ ගැනීමට පෙරාතුව සියලු ණයහිමියන්ට ඒ ගැන දැන ගැනීමට හැකි වන ආකාරයෙන් විවෘත ක්‍රමවේදයක් අප අනුගමනය කරනවා අනෙකුත් විදේශීය ණය හිමියන් සම්බන්ධයෙන්ද අනුගමනය කරන්නේ ඒ පිළිවෙත.
අපනයන ණය හිමියන් වෙත ලිපියක් යවමින් සිටි ආකාරයට අපි කිසිදු ණය හිමියෙකුට වැඩි සැලකිල්ලක් දක්වන්නෙ නෑ ඔවුන් සියලු දෙනාටම සමානව සලකනවා අප මෙතෙක් ඔවුන් සියලු දෙනා සමග මිත්රශීලීව කටයුතු කරා ඉදිරියටත් එසේම කටයුතු කරනවා.
කතානායකතුමනි
දුෂ්කර කාලයක් බදු බර නිසා සමාජය යම් කොටසකට දැඩි පීඩනයක් ඇති වී තියෙන බව අප දන්නවා
ඒ වගේම උද්ධමනය හේතුවෙන් සමස්ත සමාජය ම පීඩා විඳින බවත් අපි දන්නවා ඒත් දැනට අප ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වලින් වෙන්නේ මේ අවස්ථාවේ සහයක්.
අපට හැකියාවක් නෑ අප මුහුණ දෙන්න අඩු ශක්තියක් තිබුනෙ. අප මේ වැඩපිළිවෙළ මාස හයෙන් හයට
සමාලෝචනය කරන්ට ක්‍රියා කරනවා.
පළමු සමාලෝචනය සිදු කරන්නේ ලබන ජූනි මාසයේදී දැනට ක්‍රියාත්මක කරන බදු ක්‍රමය සංශෝධනය කිරීම ගැන දැනටමත් අපේ අවධානය යොමුවෙලා තියනවා භාණ්ඩාගාරය සංකේත යෝජනා සකස් කරමින් යනවා ඒ වගේම විවිධ විද්වතුන් ආර්ථික විශේෂඥ සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා.
සියලු දෙනා සමඟ සාකච්ඡා කරලා බලාපොරොත්තු වෙනවා ඉන්පසු පොදු එකඟතාවයකට එළැඹෙන්නට අපට පුළුවන් වේවි ජුනි මාසයේ සමාලෝචනය මේ බදු සංශෝධන අපේ සැලසුම් කරන්නට.
ඊට අමතරව කාලීනව අවශ්‍ය වෙනත් ප්‍රතිපත්ති සංශෝධනය ගැනත් අප සාකච්ඡා කරනවා.
මේවා හැඟීම්වලින් අරගලවලින් විසඳා ගන්නට පුළුවන් දේවල් නෙවෙයි අඩු දුෂ්කරතා තාවකාලිකයි වර්තමාන පිහිටීමේ හා කැපවීමේ ප්‍රතිඵල අපිට ටික කලකින් ලැබේවි හෙට දවසෙ රට බාර ගන්නා තරුණ තරුණියන් වෙනුවෙන් අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් අප මේ කැපවීම කළ යුතුයි.
අප මේ ක්‍රමයට අනුකූලව ඉදිරි වසර හතර පුරා නිසි මූල්‍ය විනයක් සහිතව ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ක්‍රියාත්මක කළොත් රටේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් ආර්ථික පදනමක් සැකසෙනවා.
අප මේ මාර්ගයෙන් යන්න බැරි වුනොත් පසුගිය අප්‍රේල් මාසයේ තිබුන තැනටත් වඩා අන්ත අයහපත් තත්ත්වයකට මුළු රටම ඇදවැටෙනවා.
අයිඑම්එෆ් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් තුන්වැනි සතියේ දින නියම කරන්නට අප ක්‍රියා කරනවා
එහිදී ඔබේ අදහස් සමග සහයෝගය ද ලබා දෙන ලෙස මේ ගරු සභාවේ සිටින ඔබ සැමගෙන් ම ඉල්ලා සිටිනවා
0 Comments