
පුත්තලම ප්‍රදේශයේ පිහිටි රක්ෂණ ආයතනයක සේවය කරන තරුණියකට සහ කාන්තාවන් දෙදෙනකුට එම රක්ෂණ කාර්යාලයක දී ලිංගික අතවර කළේ යැයි කියන එහි අංශ දෙකක කළමනාකරුවන් ලෙස කටයුතු කරන දෙදෙනකු ඊයේ (28) අත්අඩංගුවට ගන්නා ලදැයි පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි. ලිංගික අතවරවලට පත්වූ බව කියන තරුණිය සහ කාන්තාවන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන ලදැයි පොලිසිය සඳහන් කරයි.
ලිංගික අතවරයට ලක්වූ බව කියන මෙම තරුණිය සහ කාන්තාවන් දෙදෙනා ගැන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නිර්නාමික පෙත්සමක් ලැබී ඇත. පොලිස්පති වික්‍රමරත්න මහතා මේ ගැන විමර්ශනයක් පවත්වන ලෙස උසස් පොලිස් නිලධාරීන්ට දැනුම්දී තිබේ. ලිංගික අතවරයට පත්වූ බව කියන තරුණිය හා කාන්තාවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර හෙළි කරගත් තොරතුරු මත පරීක්ෂණ පවත්වා රක්ෂණ කළමනාකරුවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval