
කටාර්හි බින් ඩර්හැම් හි අල් මන්සූරා ප්‍රදේශයේ සිව් මහල් නේවාසික ගොඩනැල්ලක් කඩාවැටීමෙන් එක් ශ්‍රි ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන අතර තවත් ශ්‍රි ලාංකිකයෙකු අතුරුදන්වී තිබේ. ඊයේ (23) උදෑසන සිදුවූ මෙම අනතුරින් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර මියගිය බවට තහවුරුවූ එකම පුද්ගලයා ශ්‍රී ලාංකිකයාය.
මියගිය පුද්ගලයා 56 හැවිරිදි නිශ්ශංක සිල්වා නම් අයෙකු වන බවත් ඔහුගේ පුත්‍රයා විසින් සිරුර හඳුනාගත් බවත් ඇරබ් නිවුස් වාර්තාවක සඳහන්වේ.
මීට අමතරව ශ්‍රී ලාංකිකයෙකු වූ අබ්දුල් රසාක් ජමීල් නම් 60 හැවිරිදි පුද්ගලයෙකුද මෙම අනතුර හේතුවෙන් අතුරුදන්ව සිටින බව වාර්තාවේ. මෙම පුද්ගලයින් කටාර්හි සේවයට ගොස් එම ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි බව කියැවේ.
මෙම අනතුර පිළිබඳව වැඩිදුර කරුණු සොයාබැලීම සදහා කටාර් තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරීන් මේ වන විටත් එම ප්‍රදේශයට පිටව ගොස් සිටී.
කඩාවැටුනූ ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් පවුල් දොලහකට අයත් සාමාජිකයින් බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්වී තිබෙන අතර, තුවාලකරුවන් නව දෙනෙකු මේ වනවිට කටාර් හි හමාද් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

Comments
Post a Comment
Your comment will be visible after approval