raigam-telees-umali-speaks

ඊයේ (25) රාත්‍රී පැවති රයිගම් ටෙලීස් 2022 සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස සම සම්මානයට ලක්වූයේ වොල්ගා කල්පනී (මාණික්කාවත) හා උමාලි තිලකරත්න (පීතෘ) දෙදෙනාය.මොවුන් වේදිකාවේ සම්මාන ලබාගැනීමෙන් අනතුරුව අදහස් දැක්වීමේ කෙටි අවස්ථාවක් පැවති අතර මයික්‍රෆෝනය සමග එතැනට පැමිණියේ රවීන් කණිෂ්කයි.(මෙදින නිවේදකයෙකු ලෙස සාරංග හා රවීන් මාරුවෙන් මාරුවට සිටි අතර සාරංග එම අවස්ථාවේ සිටියේ නැත) රවීන් උමාලිගෙන් ඇසූ මුල් පැනය සම සම්මාන ලැබීම ගැනයි. එයට පිළිතුරු ලෙස උමාලි, සම්මාන සදහා නිර්දේශවූ සියලු අය දක්ෂයින් බවත් ඒනිසා සම්මාන බෙදීයාම ගැටලුකාරී යයි කල්පණා නොකරන බවත් කියා සිටියාය.

කතාව අවසන් කර ඔවුන්ට අත්පොළසන් පිරිනමා වේදිකාවෙන් පිටව යන්නට අවස්ථාව සැලසූ නමුත් ඒ වෙලාවෙ උමාලි රවින්ට යමක් දන්වමින් ටික වේලාවක් ඉල්ලාගෙන තවත් යමක් පැවසිය යුතු යයි කියමින් කතාවක් කළාය. ඇය මෙසේ කීවාය.

'සමාවෙන්න මං පොඩි වෙලාවක් ඉල්ලා ගන්නවා පීතෘ නාට්‍යයේ අපි ඉදිරිපත් කරන්න උත්සාහ කළේ සයිබර් අවකාශයේ සිදු කෙරෙන අපරාධ ගැන විශේෂයෙන් මං  ඉල්ලීමක් කරනවා ආයාචනයක් කරනවා  විශේෂයෙන්ම අපි ආදරය කරනවා නම් හදවත පිරෙන්නෙ ආදරෙන් විතරයි.

ආදරේ කරනවා නං එක හිතින් ආදරය කරන්න ඕන අනෙක් කෙනාගෙ මානසික නිදහසට කරදර නොකර..නමුත් අද කාලයේ අපිට දකින්න හම්බෙනවා ඒ වගේ තමන්ව අත් හැරදා ගියා කියලා ඒ වෙනුවෙන් වෛර බඳින පෙරළා ක්‍රෝධ
කරන උදවිය ඉන්නවා.. අපි එහෙම වෙන්නේ නැති සමාජයක් උදෙසා කටයුතු කරමු කියලා මං ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා.. බොහොම ස්තූතියි ..'
එම අවස්ථාවේ වීඩියෝ කොටස පහතින්



රයිගම් ටෙලීස් 2022 සම්පූර්ණ ජයග්‍රාහක ලැයිස්තුව මෙතැනින් Raigam Tele'es 2022 Winners List