ranil-hirunika-sunil

ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා එම පක්ෂයේ පැවැති ජන හමුවකදී මෙසේ පැවසීය.

"අර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය. එයා මේ ටිකේ කෑගැහුවේ රනිලෝ... කියලා. දැන් එයා කෑ ගහන්නෙ රනිලා... කියලා. අඩු ස්වරයෙන් කියන්නෙ දැන්. එයා කියනව දැන් IMF එකට ගිහිල්ල ණය ගත්තු එක හොඳයිලු. හර්ෂද සිල්වා, එයා වචන ගලප්පනවා තාම අර පැත්තට මාරු වෙන්න.

රනිල් වික්‍රමසිංහ ධෛර්යවන්ත තීරණයක් අරන් තියෙනවා. එරෙහිවෙන සියල්ලම මර්ධනය කරනවා. විකුණන්න යන ඔක්කෝම විකුණනවා. කාංචන විජේසේකර භය නැතුව කියනවා.



මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හදන්නේ අපේ අයට ණය දීපූ අයගේ ප්‍රශ්නේ විසඳන්න. ජාත්‍යන්තරය ප්‍රකාශයට පත් කලා ලංකාව බංකොළොත් රටක් කියලා. ලංකාවට තවදුරටත් ණය දෙන්න සුදුසු නෑ. කඩේ ඇරලා තිබ්බට වැඩක් නෑ වහලා වගේ. මොකද දන්නවද? මිනිස්සු බඩු ගන්න යන්නෙත් නෑ. තව එක අදියරයක් තිබ්බනම් බුන්වත්. තවත් පල්ලෙහාට යනවා.

වරායට නැව් එනවා හැබැයි තෙල් දෙන්නෙ සල්ලි දුන්නොත් විතරයි. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා මැජික් එකක් පෑවේ නෑ. ආනයන නැවැත්තුවා. බෙහෙත්, පෝර ගේන එක නැවැත්තුවා. එතකොට අපේ ඩොලර් රටෙන් එළියට යන ප්‍රමාණ නතර වුණා. සාමාන්‍යයෙන් ඩොලර් කෝටි 280ක් 300ක් ණය ගෙව්වා මාසෙකට. ඒක නැවතුනා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වා, නොමැරී ඉන්න බෙහෙත් ටිකක් දෙන්නම් තොන්ඩුව හිර වෙලා තියෙන්නේ පොඩ්ඩක් බුරුල් කරන්නම්, හැබැයි අපි බුරුල් කරන්නේ අපිට ඕන කාලෙට තොපි මෙන්න මේක කරන්න ඕනේ. මේ අපිට ආදරේට නෙමෙයි. රතිඤ්ඤා පාරේ නෙමෙයි පත්තු කරන්න වෙන්නෙ කටේ තියලා පත්තු කරන්න වෙනවා මොළේ පිටින් ගලවලා යන්න."