ranjith-siyambalapitiya-speaks

ඡන්දෙට අයවැය මගින් මුදල් වෙන් කර තිබුණත් ඒවා ඒ සදහා ලබාදීමට නොහැකි බවත් රටේ අත්‍යවශ්‍ය වියදම් කපාගෙන ඡනද කරන්නට බැරි බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.




රටේ ප්‍රමුඛ වියදම් ලෙස  පෙළගස්වා තිබෙන වියදම් ලැයිස්තුවෙන් මුදල් කපා දැමිය යුතු වියදම් තිබේ නම් පෙන්වා දෙන්නැයි  විපක්ෂයෙන් ඉල්ලා සිටින බවද ඔහු කීය.  

වැටුප් හා වේතන ගෙවීම,විශ්‍රාම වැටුප්, රෝහල්වල වෛද්‍ය සැපයුම්, මාසික සමෘද්ධි  හා සහන සැපයීම්,වැඩිහිටි මූල්‍ය ආධාර,වකුගඩු රෝගීන් සදහා මූල්‍ය ආධාර ආදිය කල් දැමිය හැකිදැයි විමසූ  මුදල් රාජ්‍ය  අමාත්‍යවරයා විපක්ෂය කියන්නේ මේ වියදම් කපා ඡන්දය පවත්වන්න කියා දැයි ඇසීය.



අයවැයෙන් ඡන්දයට බිලියන දහයක් අනුමත වී තිබෙන අතර  එය දෙන්නේ නැත්තේ ඇයි දැයි අහන බවත් අයවැය ලේඛනයක් යනු හැමවිටම උපකල්පන වන අතර මෙච්චරක් ආදායමක් ලැබෙන විට මෙච්චර වියදම් කරනවා වැනි උපකල්පන අයවැය ලේඛනයේ සඳහන් වන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

සංකෝචනය වූ ආර්ථිකයක එම උපකල්පන හරියට ක්‍රියාත්මක වන්නේ නැතැයි රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.