ravi-kumudesh-speaks

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේෂ් මහතා මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය.

"අපිට කියන්න තියෙන්නේ ජනාධිපතිතුමාට ඔය බොරු වෘත්තීය සමිතිවලට රැවටිලා අවසාන වශයෙන් අර ඡන්ද තිස්දහත් නැතුව ගෙදර ගිය තැනට පත් වෙන්න එපා.



අපි තැන් 7ක උද්ඝෝෂණ ක්‍රියාමර්ග ගත්තා ඊයේ දවසේ. සමහර තැන්වල පැය 4ක සේවයෙන් ඉවත් වුනා. මේක තර්ජනයක් නෙමෙයි අපිට වර්ජනයකට යන්න වෙනවා.  අපි ලබන 8 වෙනිදා සියළු දෙනා එකතු වෙච්ච වර්ජනයක් කරනවා. මේ වර්ජනය කරන්න පොළඹවපු සියළුම දෙනත් වගකීම භාරගන්න ඕනේ. ඒ අයව පඩි දීලා නඩත්තු  කරන්න ජනාධිපතිතුමත් වගකීම භාර ගන්න ඕනේ.

වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක්ව පත් කරලා තියෙන්නෙ වෘත්තීය සමිතිවල ප්‍රශ්න විසදන්න මිස කාටවත් කඩේ යන්න හෝ වෙන වෙන වෘත්තීය සමිති එක්ක වෙන වෙන ගනුදනු කරන්න නෙමෙයි. තමන්ගේ පැවරිච්ච කාර්‍යය හරියට කරන්නෙ නැත්තම් පරිස්සමෙන් ඉන්න.

අපි මේ වර්ජන ක්‍රියාමාර්ගය හරහා ඉල්ලන ඉල්ලීම් 5ක් තියෙනවා. අපි ගත්තු බැංකු ණය වල පොළී වැඩි කරන්න එපා. ඊළගට ආදායමට අනුව නැවත බද්දක් ගහනවා. එතුමට හීනෙන් හිතුනාම මේක කරන්න ඕනේ කියලා ඒක හරි. වටේ ඉන්න අය කියනවා හරි ශෝක් ජනාධිපතිතුමා කියලා. හරි ශෝක් ආර්ථික ක්‍රමයක්. හරිම දක්ෂ ආර්ථික කළමනාකරණයක් හැබැයි රටේ මිනිස්සු එක්කෙනෙක්වත් ඉතුරු වෙන්න නැතිවෙයි."