rohitha-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පැවති  බණ්ඩාරගම දේශපාලන රැස්වීමක් අමතා මෙසේ පැවසීය.

"අපිට ටිකක් අවාසනාවන්ත කාලයක් උදාවුනා. අපේ ග්‍රහයෝ නීච වුනා. එතකොට ජනවාරි 8 වෙනිදා මහින්ද මහත්තයා පරාජය වුනා. ගම්වල උදවිය හැමකෙනෙක්ම මහින්ද මහත්තයව මතක් කරගෙන ඇඬුවා. හැම කෙනෙක්ම එදා වේදිකාවෙදි කිව්වා රාජපක්ෂලා ඉවරයි.

අපේම මන්ත්‍රීවරු අපෙන් අහනවා අපි කොහොමද ඡන්දෙකට යන්නෙ බලයක් නැතිව. අපිට 2018 පාළාත් පාලන ඡන්දෙට යනකොට තිබිච්ච බලය මොකක්ද කියලා මට කියන්න. අපිට කිසිම බලයක් තිබුන්නෑ. මහින්ද රාජපක්ෂ කියන බලය විතරයි අපිට තිබුනේ. මට මහින්ද ජනාධිපතිතුමා කතා කරලා කිව්වා, අවුරුදු 16ක් නැති වෙච්ච බණ්ඩාරගමට මිනිහෙක් හදලා දෙන්න. හැදුවා මිනිහෙක්. මළ කෙළියයි.



පොහොට්ටුව ලකුණ දාලා මහින්ද මහත්තයගේ පොටෝ එක දාගෙන පළවෙනි වතාවට පාර්ලිමේන්තු ගිය සමහර අය තාම දන්නෑ පාර්ලිමේන්තුවේ දොරවල් කීයද කියලා. ඒක දන්නැති අයටත් මතක නැතිවුනා යකෝ මං පාර්ලිමේන්තු ගියේ මහින්ද මහත්යා හින්දනෙ කියලා. මතක තියාගන්න මුල අමතක කරපු කිසි කෙනෙකුට හරි ගිහිල්ල නැහැ.

2018  මුළු ලංකාවෙම මන්ත්‍රී කොට්ඨාස වලින් ජනතා විමුක්ති පෙරමුණ කොට්ඨාසයක් දිනුවේ කළුතර දිස්ත්‍රික්කයේ පානදුර නගර සභාවේ එක කොට්ඨාසයයි. ලංකාවේ කොගෙවත් දින්නෙ නෑ. ඔක්කොම පරාදයි. පානදුර අපේ නාම  යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වුනා.

අපේ මන්ත්‍රීවරු බය නැතිව කියන්න පුලුවන් අතින් කීයක් හරි දාලා 50ක් විතර වියදම් කරා අර ගමේ තියෙන මඟුල් ගෙදර, මල ගෙදර මේ ඔක්කොම ටිකට. එහෙමයි වගකීම.

අර පිනට හම්බුවෙච්ච කට්ටියත් ඒක්ක මං ගනං හදලා බැලුවා. මාසෙට 20000යි. අවුරුදු 5ක් මන්ත්‍රීකමේ හිටියා. එම මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 12යි. මන්ත්‍රීවරු 436යි,

ඒක වැඩි  කලාට පස්සෙ ලක්ෂ 5232යි. මහජනතාවගේ මුදල් මේ කියන මහත්වරු ටික අරන්. මං අහනේ කොයි මළ ගෙදරද මිනී පෙට්ටි අරන් දීලා තියෙන්නෙ. උත්තර දීපන් බුදු පුතේ මේ සල්ලි ටික කෝ?

මං වස්කඩුවේ මල ගෙදරක ගියා. ඒකේ ගහලා, මැරිච්ච වයිමන් මාමාට නිවන්සුව ලැබේවා. ජනතා විමුක්ති පෙරමුණ. මාලිමාව දාලා ගහලා බැනර් එකක්. ඉස්සර කොහොමද ගැහුවේ තොපිට මරණය. මතකද 88,89.

අපි සතුටු වෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව ජනාධිපති කරපු එක ගැන. අපි කියන්නෑ IMF හම්බුනා කියලා අපි සතුටු වෙනවා කියලා. හැබැයි රට යම් ස්ථාවර භාවයකට එනවා."