sajith-lal-kantha

ජාතික ජන බලවේගයේ  පරිපාලන ලේකම් කේ.ඩී. ලාල් කාන්ත මහතා එම පක්ෂය මඟින්  සංවිධානය කරනු ලැබූ දේශපාලන රැළියක් අමතා මෙසේ අදහස් දැක්වීය.

"මාලිමාවට කතිරේ ගහලා මේ රටේ නව නිදහස් අරගලයක් ආරම්භ කළ යුතුයි කියන එකට ජනතාව ආවා. ඒ හොරා වෙනුවට මේ හොරා. මේ රටේ අවුරුදු 75 ඇතුළත වෙනස් කරලා තියෙන්නෙ ඒකයි. හොරු අවසන් කිරීමේ හොරුන්ගේ බලය අතුගාලා දැමීමේ ආරම්භය තමයි ජනතාව මාර්තු 9 ගැනීමට නියමිතව තිබුණේ. ඒක නිසා තමයි මාලිමාව එක්ක පෙළ ගැහුනේ.



ජනතාවගේ නව අරගලයේ දිගටම තිබුණු දෙයක් තමයි රටේ ජනතාවගෙ ධනය හොරා කාපු එවුන්ට දඬුවම් දිය යුතුයි කියන කාරණය. මේ කතා කරන්නෙ රනිල් වික්‍රමසිංහලා ගැන. දඩුවම් දෙන්න ඕනෙ කියන්නේ රාජපක්ෂලට. මේ හැට පස් වසර මේ රට පාලනය කරපු දේශපාලන හැත්ත ගැන තමයි මේ කියන්නේ.

හොරාකාපු මහජන ධනය නැවත රජයට පවරගත යුතුයි. දැන් මේවා පවර ගන්න ඕනෙ කියන කොට විපක්ෂ නායකයට අමාරුවක් හැදිලා තියෙනවා. හොරා කාපුවා පවර ගන්න ඕන කිව්වාම සජියා කියනවා ජනතාවගේ පුද්ගලික දේපළ මාලිමාව බලයට ආවම රජයට පවර ගන්නවලු. ඒක්කො ඒකට තේරෙන්නෑ මොකක්ද කියන්නෙ කියලා.

මුගෙ ඔලුව කලද ක්වත් නෑ මොළේ කියන එක. වෙන මොනාහරි තියෙන්නෙ. එක්කෝ මූට මේක හොදට තේරෙනවා, ඒ නිසා ජනතාවට බොරු කියලා ,මාලිමාව කෙරෙහි සැක සංකා ඇති කරන්න. මාලිමාව ආවොත් මේ කඩ සාප්පු පවර ගන්නවා. අනුර සහෝදරයා ඇවිල්ල කරනව කඩ සාප්පුවෙ බිස්නස් එකක් සජියා කියන විදියට. මහ ගොං හරකෙක්. හරක්ට අපහාස කරන්නත් හොද නෑ.

මේ රට කාපු එවුන් ඔක්කොම පරයෝ. උන්ට මේ රට ගැන හැඟීමක් තිබ්බනම් මේ රට මේ වගෙ තත්වෙකට ඇඳලා දාන්නේ නෑ. ඊළඟ පරම්පරාවට රටක් නෑ කියලා දැනෙනවනම් ඒ රට ඉවරයි. "