sanath-nishantha-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඊයේ (27) කැමරා කණ්ඩායමක් ඉදිරියේ මාධ්‍ය වෙත මෙසේ පැවසීය.

"අපේ ආණ්ඩුව හොඳට යනවා. ප්‍රශ්න ගැටළු නිරාකරණය වෙමින් දැන් ඉස්සරහට යනවා. අපි ලහි ලහියෙ වෙසක් මාසෙ තියෙන වෙසක් උත්සවය වෙනුවෙන් සූදානම් වෙනවා දිස්ත්‍රිකයක් හැටියට.



නාමල් රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා හැමදාම ක්‍රියාකාරී දේශපාලනේ හිටපු උදවිය. ජාතික සංවිධායකවරයා හැටියට බැසිල් රාජපක්ෂ මැතිතුමා පක්ෂ මූලස්ථානයේ ඉදගෙන සියලුම සංවිධාන කටයුතු කරනවා. පක්ෂයක් හැටියට අපිට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා විශ්වාසයක් තියනවා.

රටේ ඉල්ලීමක් තියෙන කෙනාව අපි ජනාධිපතිවරයා හැටියට පත් කරන එක තමයි අපේ ඉලක්කය තියෙන්නෙ..

පක්ෂයක් හැටියට එවෙලේ බහුතරයක් කිව්වා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ගේමුයි කියලා. අපි ඒ ගත්තු තීන්දුව වැරදියි කියලා තමයි පවිත්‍රා ඇමතිතුමියට වයගේම මටත් කියන්න තියෙන්නෙ. එතුමා රාජ්‍ය නිලධාරියෙක් විදියට එතුමාට ලොකු දේශපාලන අත්දැකීමක් තිබුන් නැති එක තමයි අපිට තිබුණු ප්‍රධානම ගැටළුව වුනේ කියලයි අපි විශ්වාස කරන්නේ. රටේ මිනිස්සුන්ටත් වැරදුනානේ. හරි තීන්දු තියෙනවා වැරදි තීන්දු තියෙනවා අපි ඊලඟට ගන්න තීන්දුව මොකක්ද කියල බලමු."